BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 26, 2018

2017 වසරේ ගංවතුරෙන් පීඩාවට පත් දෙණියායේ ජනතාවට ජූනි දෙවැනි සතියට පෙර වන්දි ලබා දෙන්නැයි ඇමති සාගලගෙන් නියෝග

2017 වසරේ ඇති වූ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ දෙණියාය ආසනයේ ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු ජූනි මස දෙවැනි සතිය අවසන් වීමට පෙර නිම කරන්නැයි ව්‍යාපෘති කලමණාකරන , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පිටබැද්දර, පස්ගොඩ සහ කොටපොල ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග කරන ලදී.

ඒ අනුව පිටබැද්දර , කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීම පිලිවෙලින් එලඹෙන ජූනි 07 දින පිටබැද්දර ,08 කොටපොල ,09 පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සිදු කරන්නැයි අමාත්‍යවරයා නියෝග කරන ලදී.

2020ට චම්පිකගෙන් නව නිවාස 20,000ක්.

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන "නිවසක් වෙනුවට ජීවිතයක්" නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වල පදිංචි අඩු ආදයම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකල නව නිවාස 20,000ක් ඉදිරි වසරක කාලය තුලදී ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.


23 උදෑසන කොළඹ 15, හේනෙමුල්ල "මෙත්සද සෙවණ" නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 722ක් ජනතා අයිතියට පත් කල අතර ඒ සමඟ 2016 වසරේ සිට මේ දක්වා නව නිවාස 3,429ක් ජනතා අයිතියට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත්වී තිබේ.​

සල්ලි දුන්නා තමයි - ඇලොසියස් හා ඔහුගේ පියා අපේ යාළුවෝ - සල්ලි දුන්නා තමයි - බැදුම්කර බෑණා සල්ලි දුන් බව දයාසිරි පිලිගනී

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් රුපියල් මිලියනයක චෙත් පතක් තමනට ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.

Friday, May 25, 2018

ආගමන-විගමන නිලධාරින්ගේ ගැටලු ජනපතිගේ අවධානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ පුළුල් අවධානය යොමු කෙරිණි.

පාර්ලිමේන්තුවේ කෑ ගසන අය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ පඹයන් වෙලා

රාජපක්ෂ රෙජීමය නැවත බලයට පැමිණියහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ යනාදීන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට අතුරුදන් වීමට සිදුවනු ඇතැයි තමන් අවධාරණයෙන් පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාව සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (24දා) එක්වෙමිනි.

නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම රජයේ අරමුණ වන බව එහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, රාජපක්ෂ රෙජීමය ඇති කිරීම සඳහා සහාය දුන් හමුදා නිලධාරීන් පොහොට්ටුවේ අලුත් මුහුණු බවට පත්ව ඇති බවත්, එසේම ඔවුන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී කෑ ගසන උදවිය පඹයන් ගණනට පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

පර්පෙචුවල් සමාගමේ රු. මිලියනයක් දයාසිරි අරගෙන?

අද (25) සවස පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් එජාප සාකච්ඡාවක දී, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම එජාප දිස්ත්‍රික් කළමණාකාරවරුන් ඉල්ලා අස්වීමට යන බවට වාර්තා වේ.

එජාපය දෙදරයි : දිස්ත්‍රික් කළමණාකරුවන් ඉල්ලා අස්වෙන ලකුණු ?

අද (25) සවස පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් එජාප සාකච්ඡාවක දී, කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම එජාප දිස්ත්‍රික් කළමණාකාරවරුන් ඉල්ලා අස්වීමට යන බවට වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී කොළඹ දිස්ත්‍රික් කළමනාකරුවෙක් විසින් එම පුවත තහවුරු කල අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ තම කණ්ඩායමට කොළඹ දිස්ත්‍රිකයේ ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ද අයත් බවයි.

තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙයි.

තිලංග සුමතිපාල මහතා පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක විදියට කටයුතු කරා. හැබැයි පහුගිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම එක්ක ඔහුත් ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ නිසා එතුමා දරුව නියෝජ්‍ය කතානායක ධූරය ගැන ගැටළුවක් ඇති වුණා.

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ අංශය කාර්යක්ෂම කරන්න - පුලා ඉල්ලයි

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන අංශය කාර්යක්ෂම කරන ලෙස ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි මහතා ඉල්ලා සිටියි. 

වසර 2020 දී වැට් බද්ද 2.5% කින් පහළට

දුප්පත්, පොහොසත් භේදයකින් ‍තොරව දැනට එකම අගයකින් සියලු දෙනාම ගෙවන වැට් බදු අනුපාතය තව වසර දෙකක දී සියයට 2.5කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.

Thursday, May 24, 2018

තරුණ තරුණියන් රැකියා ඉල්ලමින් දේශපාලකයින් පසුපස යන සංස්කෘතිය අපි වෙනස් කරනවා - ඇමති සාගල තරුණ දිනයේ දී කියයි.

තරුණ සේවා සභාව යටතේ පුහුණුව සම්පූර්ණකරන තරුණ තරුණියන් රැකියා ලබා ගැනීම සඳහා දේශපාලකයින් පසුපස යන සංස්කෘතිය වෙනස් කරන බවත් ඒ සඳහා නව තාක්ෂණයට ගැලපෙන වැඩසටහන් තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරිපත් කර තරුණ තරුණියක්ගේ ආකල්පමය දියුණුව ඇති කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපෘති කලමණාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ දී අද (23) පැවැත් වූ ජාතික තරුණ දින සැමරුම් උත්සවයට එක්වෙමිනි. මෙහිදී තෝරාගත් යෞවන සමාජ සම්මේලන වෙත ඊ පුස්තකාල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම ද සිදු විය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

ආණ්‌ඩුවට එරෙහි ප්‍රබල විපක්‍ෂයක්‌ - 16 කණ්‌ඩායම මහින්ද සමග එකඟතාවක

ආණ්‌ඩුවට එරෙහිව ප්‍රබල විපක්‌ෂයක්‌ ගොඩනැගීමට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්‌ව කටයුතු කිරීමට තම කණ්‌ඩායම ඊයේ (23 වැනිදා) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟවූ බව හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඇමැතිධුරවලින් ඉවත්ව විපක්‌ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 16 දෙනාගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම ලෙසින් ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

තමුසෙල එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ - තම පන්තියේ ගුරුවරයා එදා කී දේ මෛත‍්‍රි කියයි.

තමන් පාසැල් යන සමයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයා සම්බන්ධයෙන් වූ මතකයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිහිපත් කලේය.


බොහෝ දිනවල එම ගුරුවරයා පන්තියේ උගන්වන්න ආරම්භ කරන්නේ ‘හාපෝ තමුසෙලද ආවෙ. තමුසෙලට මම කියන්නම් මේ ඉන්න එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ. කමක් නෑ හරි පටන් ගම්මු’ යනුවෙන් පවසමින් යයි ජනාධිපතිවරයා පැවසීය.

Wednesday, May 23, 2018

බිලියන 50ක් රටට අහිමියි : විදුලිබල ලේකම් බටගොඩ කෙරවලපිටිය චීනයට දෙයි.

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හරිමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස් බටගොඩ විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත රහස්‍ය ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇතැයි විශ්වාසනීය අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කරයි. 

මෙම නිර්දේශයට අනුව අදාළ චීන සමාගමට මෙම ටෙන්ඩරය හිමිවුවහොත්, රුපියල් බිලියන 50 ක (මිලියන 50,000) අලාභයක් රටට සිදුවන අතර විශාල මුදලක් චීනය වෙත ගලා යනු ඇත. 

මංගල රහසිගතව රාජපක්ෂලා හමුවෙලාලු ?

රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ පසු තමා කිසිඳු අවස්ථාවක තනතුරු වරප්‍රසාද ලබා ගැනීමට හෝ වෙනත් කිසිඳු කාරණයක් සඳහා රාජපක්ෂවරු හමුවීමට නොගිය බව අවධාරණය කර සිටින මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජපක්ෂවරුන් නම් තමා හමුවීමට පැමිණි බව කියා සිටියි.

ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළියක් | Palani Thigambaram

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් පූල්බෑන්ක් වත්තේ නිවාස 20 ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

මහින්ද රාජපක්‍ෂ යුද්දය ඉවර කලේ නෑ - යුද්දය නිකම්ම අවසන් වෙනකොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙලා හිටිය - ඔච්චරයි - අනුර කුමාර | Anura Kumara Dissanayake

මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය ඉවර කලේ නැති බවත් යුද්දය ඉවර වෙද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වී සිටිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.


‘ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කල යුතු 20’ මැයෙන් එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මං ගෝටාභයට පුදුම විදිහට බයයි - හැමෝම ඔහුට බය විය යුතුයි - මංගල | Mangala Samaraweera

සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය විය යුතු බවත්, තමා ද ඔහුට ඇත්තේ පුදුම බයක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ මාධ්‍යවේදීන් බිය ගැන්වීම් ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට හමුදා බුද්ධිඅංශ හා සෙසු නිලධාරින්ට නියෝග ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් එනිසා තමා පුදුමාකාර ලෙස ඔහුට බිය බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රීලනිප ලේකම් ධුරයට එස්‌. බී. ගේ නම යෝජනා වේ | S. B. Dissanayake

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ යෝජිත තාවකාලික නිලධාරි මණ්‌ඩලයට පත් කරන පක්‌ෂ මහ ලේකම් ලෙස හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ නම යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

Tuesday, May 22, 2018

ඇමති සාගලයි ඇමති ෆොන්සේකායි අලුත් වැඩක

දකුණු පලාත තුළ සංචාරක අවස්ථා සංවර්ධනය කිරීමේ දී වනජීවී කලාප ආශ්‍රිත ක්‍රියාකාරකම් දියුණු කිරීමේ ක්‍රමවේද සකස්කිරීම පිලිබඳ සාකච්ඡාවක් ව්‍යාපෘති කළමනාකරණ,

අපේ විරෝදාර සෙබලුන් විකුණා ගෙන කන්න එපා - ඇමැති අර්ජුන

“අද අපි වගේම අපේ දරුවනුත් නිදහසේ ඉන්නේ අපේ රටේ වීරෝදාර සෙබලුන් කළ වීර ක්‍රියාව නිසා. ඒ නිසා මම පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ වීරෝදාර සෙබලුන් විකුණාගෙන කන්න එපා කියලා. එම ඉල්ලීම මම මාධ්‍යයෙනුත් කරනවා. ඒ වගේම මම රණවිරුවන්ගෙනුත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා දේශපාලනඥයින්ට පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා කියලා.

 අපි හැමෝම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රණවිරුන්ට ගරු කරන්න ඕන. සාපේක්ෂව ගත්විට වත්මන් ආණ්ඩුව රණවිරුන්ට උපරිම ලෙස සලකා තිබෙනවා. අපිට අමතක නැහැ පසුගිය ආණ්ඩුව අපේ රණවිරුන්ට සැලකූ හැටි. කාණු සුද්ධ කරන්න දුන්නේ. එහෙම රණවිරුවන්ට සලකපු ආණ්ඩුවක් එදා තිබුණේ. අද ඒ සියල්ල වෙනස් වෙලා. අද රණවිරුන්ට ඉහළම ගෞරවය මේ ආණ්ඩුව ලබා දී තිබෙනවා.....” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

රාජිතගේ ලයිස්තුව ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සමුළුවට මහභාගී වීම සදහා ජිනීවා වෙත යාමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් නිර්දේශ කරන ලද 20 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මහින්දගේ නායකත්වය පිළිගන්නවා නම් ඕනෑම පක්‍ෂයකට පොහොට්‌ටුව විවෘතයි - ජී. එල්. පීරිස්‌

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය හා ශීS්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ ඕනෑම දේශපාලන පක්‍ෂයක පුද්ගලයකුට තම පක්‍ෂයේ දොර විවෘත යෑයි එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.

Monday, May 21, 2018

විජිතපුර පුරාවස්‌තු විනාශයට ඉඩදුන් නිලධාරීන්ට නීතිය තදින් - ඇමැති විජයදාස කියයි

"ඉපලෝගම ප්‍රාදේශීsය ලේකම්වරියත්, ග්‍රාම නිලධාරියාත්. නිවාස අධිකාරියේ නිලධාරීනුත් කිසිම සොයා බැලීමකින් තොරව බැලුම්ගල ඉඩම, නිවාස සැදීමට ලබාදී තිබෙනවා. ඒ අනුව තරාතිරම නොබලා පුqරාවිද්‍යා පනත අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 18 දා පොලිසියට උපදෙස්‌ ලබා දුන්නේය.

විජිතපුර. පූගොල්ලාගම, බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කර ඇති අයුරු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මංගල මෙසේ චෝදනාකරන්නේ මගේ හැකියාව දන්න නිසා විය හැකියි - ගෝඨාභය රාජපක්‍ෂ කියයි

එදා රනිල් වික්‍රමසිංහ මහතාට බැහැ යෑයි කියා පෝස්‌ටර් ගැසුවේ ඔහුට පුළුවන් බව දන්නා නිසා යෑයි පවසන මංගල සමරවීර ඇමැතිවරයා අද මට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ මටත් පුළුවන් බව ඔහු දන්නා නිසා විය හැකි යෑයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) බදුල්ල පුරහලේදී පැවැති රට ගොඩනැඟීමේ ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු රැස්‌වීමේ ආරාධිත කථිකයා ලෙස එක්‌වෙමිනි.

Sunday, May 20, 2018

ගාල්ල - මාතර - රත්නපුර සහ කැළණි ගඟ අවට අවධානම් - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සීරුවෙන්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ  පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයන්ගෙන් පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළුගඟ  මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

මහින්ද සහ ගෝඨාභය රට නැවතති ' විපත් මඟට ' ඇද දැමීමේ උත්සාහයක - ඇමති මංගලගෙන් චෝදනා


දස වසරක් තිස්සේ ඥාති – ගජ – මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා සුදු වෑන් සංස්කෘතියක් බිහි කරමින් මහා භීෂණයක් ඇති කල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රට නැවත වාරයක් ‘විපත් මග’ ට ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

රටේ බිහි වූ වඩාත් ම දූෂිතම සහ භයංකාරම රාජ්‍ය නිලධාරියා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පවසන ඇමැති මංගල සමරවීර රට සංවර්ධනය කිරීමට නම් පාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් තොරව සිටිය යුතු යැයි පවසන්නේ මැරී යළි උපදුණු කුඩා දරුවකු මෙන් බවයි පවසන්නේ.

රාජිතගේ කතාවට ජනපති රිදෙන්න දුන්න උත්තරේ මෙන්න


ඉකුත් සතියේදී රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රණවීරු සැමරුම පිලිබදව ඇසු ප්‍රශ්න කිහිපයකදී ලබා දුන් පිළිතුරු නිසා පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් රාජිත සේනාරත්න මහතා සිදු කල ප්‍රකාශ පිලිබදව දැඩි අප්‍රසාදයක් පළකර සිටියා.එමෙන්ම බොහෝ ප්‍රදේශයන්හි එම ප්‍රකාශයට විරෝධය පල කරමින් විරෝධතාද පැවැත්වුවා.මෙම ප්‍රකාශය රජයේ ස්ථාවරයද යන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාවට පැහැදිලි කලයුතු බව ඇතැම් පිරිස් මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.

කොටි නායක ප‍්‍රභාකරන්ට මහත්තය කිවුවට කමක් නෑ - රංග බණ්ඩාර

කොටි නායක ප‍්‍රභාකරන්ට ‘මහත්තයා’ කීමේ වරදක් තමන් නොදකින බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

රනිල්ගෙන් හිරුණිකාට ඩීල් එකක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම තබාගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස විරෝධය පලකළ රත්මලාන එජාප සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අගමැතිවරයා සමග රහස් සාකච්චාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප්‍රදානය කරනු ලබන පදක්කමකි. ‍