BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 16, 2018

පෞද්ගලික රෝහල් වැට් බද්ද ඉවතට

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හෙතෙම මේ බව කියා සිටියේ 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

යහපාලනය ඉතිහාසය වෙනස් කරයි - ITN TV වැඩසටහන් නවතියි

කාර්මික දෝශයක් හේතුවෙන් පැයක පමණ කාලයක් ස්වාධීන රූපවාහිනියේ (ITN) දෛනික වැඩසටහන් පෙළ ගැස්ම තාවකාලිකව අත්හිටුවා තැබීමෙන් පසුව මේවන විට එහි විකාශ කටයුතු නැවත ආරම්භ කර ඇත.

ජපානයේ හිටපු අගමැති ජනපති හමුවී කිවුව කතාව

දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා ඉකුත් 14 වැනිදා පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

මෙහිදි ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා දෙරටේ අතීත මිතුදමද සිහිපත් කළේය. 

ගෝටාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගේ නිල ප‍්‍රකාශය මෙන්න

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට විරෝධය දක්වන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇති බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිතානු තානාපතිවරයා ප‍්‍රතිචාර දක්වයි.

Friday, June 15, 2018

මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් විසින් අත්හරින ලද වැවක් පිරිසිදු කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස හා අඹේගොඩ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත සහයෝගය දක්වමින් දියතලාව, අඹේගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් මලපුඩුකපොල්ල වැව පිරිසිදු කරන ලදී.

මෙම වැව වසර ගණනාවක් පුරා නඩත්තු කටයුතු නිසිපරිදි සිදුනොවිම හේතුවෙන් අත්හැර දමා තිබු අතර ඉන් සුළු ජල ප්‍රමාණයක් පමණක් නැවත භාවිතා කළ හැකිවිය. කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා ප්‍රදේශය තුල පවතින ස්වාභාවික සම්පත් යොදාගැනිම පිණිස ගොවි ප්‍රජාව දිරිමත් කිරිමේ අරමුණින් යුතුව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මෙම සමාජ සත්කාරය සඳහා දායකත්වය සැපයීය.

බිලියන පනහක් රටට අහිමි වන විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩර් මගඩිය

භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේ දී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 50 (මිලියන 50,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.



ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය ද්වි චකීය විදුලි බලාගාර ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව විදුලි බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ. 

Thursday, June 14, 2018

ඒකාබද්ධ මන්ත‍්‍රී හමුවේදී මන්ත‍්‍රීන් පිරිසකට මහින්දගෙන් කුණු බැණුම්

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පෙරේදා (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා සිය කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හැර සෙසු අය මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිට ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී සිට ඇත.

අකිල හිරගෙදරටත් පොත දාන්න යයි

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ඊයේ (13) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා වටිනා බවයි.

ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

නොමිලේ ප්‍රචාරණය හමුවුන ‘බැදුම්කරේ’ පලමු කෘතිය අති සාර්ථකයි - තව එකක් ලියනවා - සූජීව

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

Wednesday, June 13, 2018

මරික්කාර් 20ට එරෙහි වෙයි

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ ඔවුන් මේ වන විටත් පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නිරීක්ෂණයට කිරීමට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

බිලියන 50ක් රටට අහිමි කරමින් LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමට

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50 ක අලාභයක් සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ අර්බුදයකට යොමු කරමින් චීන සමාගමක් වෙත ලබාදෙන ලෙසට එම චීන සමාගම විසින්ම කල ඉල්ලීම අනුමත කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) තීරණය කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කල මෙම විදුලි බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්‍යමය ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය. 

ගෝඨාගේ අභියාචනාධිකරණ පෙත්සම් විභාගය හෙට

පොලීසිය විසින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය යන චෝදනාවට අදාලව පොදු දේපල පණත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති සහතිකය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම හෙට(14) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අද(13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අරුජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසිනි.

මීළග ජනාධිපතිවරණයට ගෝටා ගැන මහින්ද අමරිකාවට කියපු කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර හිටපු ජනාධිපති නිල නිවසේදී සාකච්චාවක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධයෙන් විකෘති කරුණු මාධ්‍ය හරහා පලවෙමින් ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්දයෙන් ඇමරිකාව අකමැති යයි තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා ගණනාවක් පලවිය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය

ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා. 

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ පියවර සහ සැලසුම් පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට අදාළ නව ප්‍රතිපත්තීන් සහ සැලසුම් පිළිබඳව අදහස් සහ යෝජනා පිළිබඳව මෙම විශේෂ හමුවේ දී සලකා බලනු ලැබුවා.

කපුවා කපෝතියි ? කිරිවෙහෙර හිමි ඝාතන උත්සාහ කර ඇත්තේ මහසෙන් දේවාලයේ කපුවා

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතන උත්සාහය සම්බන්ධයෙන් පොලීසිය විසින් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත.

මෙහි ප‍්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපුවා යයිද පොලීසිය කියයි.

E news කර්තෘ පිටුවහල් කරන්නැයි ජනපති කිවේ නැහැ

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් සමඟ පැවති සාකච්ඡාවේදී එරට සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික වෙබ් අඩවියක කර්තෘවරයකු මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.

Tuesday, June 12, 2018

යුද්ධය අවසන් කරපු මට බදු අඩු කරන එක අභියෝගයක්‌ නොවේ - මහින්ද රාජපක්‍ෂ

සියයට විස්‌සකින් බදු අඩුකරන හැටි පෙන්වන ලෙස තමාට අද අභියෝග කරන උදවිය එදා යුද්ධය නිමකර පෙන්වන ලෙසටත් තමාට අභියෝග කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ජනපති මෛත්‍රීට පොහොට්ටුවේ සහාය දෙන්නේ නෑ - ජී. එල්.

බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර අලුතෙන් ලැබුන ඇමති පට්ටම් මෙන්න

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා .එම අමාත්‍යවරුන් පහතින් දැක්වේ 

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වන සංවත්සර උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(11) පෙරවරුවේ පැවැත්විණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන කැඳවාගෙන යනු ලැබීය.

මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ සහ පෞද්ගලික බැංකු විදේශිය මුල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඇමරිකානු පුරවැසිභාවය ඉවතට? ගෝටා ජනාධිපතිවරණයට සූදානම්ලු

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.


19 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිරෙනවා. ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙනවා. එතකොට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා වගේ ගෝඨාභය මැතිතුමාට ජනපතිකමයි ඇමෙරිකානු පුරවැසිකමයි දෙකම නැති වෙනවා කියලායි පුවත්පත් වලට ලිපි ලියන ඩොලර් පවුම් විද්වතුන් කියන්නේ. මේ තත්වය නිසා ඇමෙරිකානු පුරවැසිකම පිළිබඳව නීතිමය තත්වය රටට පැහැදිලි කරන්න කියලා ගෝඨාභය මැතිතුමා මගෙන් ඉල්ලීමක් කළා.

Monday, June 11, 2018

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිලිනොච්චියෙන් ස්ථානමාරු ලබා දමිල ජනයා හඩා වැලෙපයි

කිලිනොච්චි හි සේවයේ නිරත වූ කර්නල් රත්නප්‍රිය බඳු මහතා ට ලැබුණු මාරුවීම මත කිලිනොච්චියේ සේවයෙන් ඉවත්ව යන දිනයේදී අතිවිශාල දෙමල ජනතාවක් පැමිණ හඬා වැටුණු අයුරු දැක්වෙන චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයට එක්ව තිඛෙනවා. ලොකු, කුඩා , මහලු, කාන්තා සහ පිරිමින් ඔහු ඉදිරියේ කුඩා දරුවන් සේ හැන්දෑ වැටෙනෙ විඩියෙේ දර්ශන මේ වන විට සමාජ මාද්‍ය වල දක්නට ලැනෙවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා.

ජනපතිගේ ඉල්ලීම අනුව, E News සඳරුවන්ට මොනව වේවිද - සදරුවන් මොනව කරාවිද?

ලන්ඩනයේ වෙසෙන lankaenews.com වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා ලෙසට හෝ ඔහු මෙරටට පිටුවහල් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටී.

පැජට් පාරේ පිහිටි තම නිවසේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේස්ම් ඩෝරිස් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේය.

Sunday, June 10, 2018

2020 අපේක්ෂකයා රාජපක්ෂවරයෙක් නෙවෙයිලු - මහින්ද ගොටා අවුල යලිත් එළියට - වෙල්ගමගේ කටින් පනී

රාජපක්ෂලාටම විතරක් නෙවෙයිනේ මේ පක්ෂේ… අනික් උන්ට හොඳ නැද්ද?…” යැයි අසමින් පසුගිය 06 වනදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ නිවසින් සාකච්චාවක් අවසන්ව එලියට පැමිණි පා.ම කුමාර වෙල්ගම මාධ්‍යට ප්‍රකාශයක් ලබා දුන්නා. 2020 ජනපති සටනට රාජපක්ෂවරුන් අනවශ්‍ය බවත් ඒ සදහා සුදුසු පුද්ගලයින් ඕනෑ තරම් ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරනා ලදී.

අගමැති සොයුරාගේ දියණිය ඉෂිනි මංගලගේ පෞද්ගලික ලේකම් ධුරයට : God Father රුවන් ඉවතට

ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජුලි 01දා සිට තමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් පත්කර ගන්නා බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ටී.එන්.එල්. පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී ටී.එන්.එල්. සිද්ධිය ගැන බලවත්සේ කනගාටු වන බව පැවසු ඇමතිවරයා, නිදහස් වගකිව යුතු මාධ්‍යයක් වෙනුවෙන් රජය ඇප-කැප වී සිටින බවද අවධාරණය කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

සුදර්ශනී පරද්දන්න ප්‍රසන්නට තිබ්බ හේතුව මෙන්න

නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී තමා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා නොදුන්නේ සීදුව නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා ඔවුන්ගේ සහය හිමිවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පොහොට්ටුව හෝ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මන්ත්‍රී රවී - යළිත් ඇමති රවී වෙයි

එල්ල වූ චෝදනා මත ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායකට මහතාට එළැඹෙන සතියේදී යලිත් ඇමති ධුරයක් ලබා දීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙයි.


ඒ සමගම තවත් එජාප පසුපෙල මන්ත‍්‍රින් 06 දෙනෙකුට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙනු ඇතැයිද සදහන්ය.

ඇමති සාගලග දෙනියායෙ ජනතාවට ලගටම ගිහින් දුන්නු දේ

පසුගිය වසරේ (2017) ඇතිවූ ගංවතුර හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විපතට පත්වූ අතර ඉන් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසනයට වැඩි හානියක් සිදුවිය. එහිදී මුල් අවස්ථාවේදීම මැදිහත්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීමට කටයුතු කෙරිණි. අනතුරුව මූලික ආපදා වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව නිවාස හානියට පත්වූවන්ට වන්දි මුදල් ගෙවීමට කටයුතු කෙරිණි.


එහිදී අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වාර්තා අනුව පුර්ණ සහ අර්ධ හානි සිදුවූ නිවාස සඳහා වන්දි ප්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබිණි. ඒ අනුව ජාතික රක්ෂණ බාර අරමුදල මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉදිරිපත්කල ආපදා හානි වාර්තා වෙනුවෙන් ගෙවීම් සිදුකල අතර ගෙවීම් සිදුකිරීමට නොහැකිවූ ප්‍රමාණයක්ද විය. එම ගැටලුව සැලකිල්ලට ගත් අමාත්‍ය සාගල රත්නායක මහතා, ඒ පිලිබඳ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීම් සහ එම මුදල් ජනතාවට ලබාදීම සඳහා කරන ලද කැපවීම මත මෙලෙස රුපියල් කෝටි 50 ට අධික සමස්ත වන්දි මුදලක් ආපදාවෙන් විපතට පත්වූ ජනතාව අතර බෙදාදීමට හැකිවනු ඇත.

ආන්දෝලනාත්මක දින 100ය ගැන ජනපති ආයෙත් කට අරී - කිවුව කතාව මෙන්න

සෝභිත හිමියන්ගේ ගුණ සමරු උලෙලේදී තමන් සදහමන් කලේ දිනි 100 වැඩපිලවෙල තමන් නොදන්නා බව නොව එය හැදුවේ කවුදැයි නොදන්න බව යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තම විරුද්දවාදීන් විසින් එය විකෘති කර ප‍්‍රචාරය කරමින් ඇති බව ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සති අන්ත දිවයින පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී පල කර ඇති අදහස් මෙසේය.

මෛත‍්‍රී ජනාධිපති පුටුවට පත් කලේ මෙහෙම වැඩ කරන්න නොවෙයි - ප‍්‍රතිඵල විදින්න සූදානම් වෙන්න - එජාපය ජනපතිට දන්වයි

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගත්තේ මේ ආකාරයට කටයුතු කිරීමට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

වැඩි කතා නවතා රස්සාව හරියට කරන්නැයි ජනාධිපති ගෙදරටම පූජිත් කැදවා හොදට අමතයි

පුද්ගලික න්‍යාය පත්‍ර අතහැර තනතුරේ වගකීම් හරියට ඉටු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇත.

මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා - මටත් කොටළුවා කිවුව - ඒත් කිලී මහත්තයයි මමයි හොද යාළුවො - මට මල් පොකුරකුත් එවල තිබුන

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කරද්දී සිරස රූපවාහිනිය කිසිදු බාධාවකින් තොරව විකාශණ කටයුතු සිදු කරමින් ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.