BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 19, 2018

කොටි සැමරුමට මම එකඟ නෑ - ඇමැති මනෝ ගනේෂන්

යුද්ධයෙන් මියගිය උතුරේ සාමාන්‍ය ජනතාව සිහි කරන බව පවසමින් ත්‍රස්‌තවාදීන් සිහි කිරීමට සහ "මහවිරු" උත්සව පැවැත්වීමට යමෙකු ක්‍රියා කරන්නේ නම් තමන් එයට එකඟ නොවන බව ජාතික ඒකබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා  ඊයේ (18 දා) ප්‍රකාශ කළේය. 

හමුදාවේ 50කට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම්

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව අද (19) පෙරවරුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශ්ෂිඨ සේවා විභූෂණ පදක්කම් ජනාධිපතිවරයා අතින් පිරිනැමීමට නියමිතව තිබේ.

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක් තිබිල

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය.

දූෂණ චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදී පරීක්ෂාවට ලක්වූ අතර අද (18) ‘තමන් දූතා’ සුඛෝපභෝගී මන්දිරියේ හිටපු අගමැතිවරයාට අයත් නිවාස සංකර්ණයක් පොලිස් පරීක්ෂාවට ලක්විය.

ශ්‍රී ලනිප තනතුරු වෙනසේදී මහින්දලාට කැපිල්ලක්

ජුනි 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී පක්ෂයේ අනුශාසක වශයෙන් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු දෙනා තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් වෙයි. 

මිට අමතරව කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හිටපු ජනාධිපතිවරයාට හිතවත් සෑම කෙනකුම මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් ඉරිදා 'මව්බිම'ට පැවැසීය. 

මෛත්‍රී චන්ද්‍රිකාට එරෙහි වෙලා?

2020 වනතුරු ජාතික ආණ්ඩුවේ සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට වුවමනා වී තිබුණද එසේ සිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුණු වී දිය වී යනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කරනවාත් සමඟම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රැස්වීමෙන් පිටව ගොස් තිබේ.

Friday, May 18, 2018

මාතෘභූමිය උදෙසා ජීවිත පුද දුන් 57සේනාංකයේ භටපිරිස් සමරන්න උතුරේ වැසියනුත් එකතුවෙයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය මුළුමනින්ම නිදහස් කරගත් ජාතියේ ඒ සුවිශේෂි විජයග්‍රහණයට අද දිනට වසර 9 ක් සපිරෙනවා. එය සිහිපත් කරමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත යුද හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වුනා.

අකිලගේ පළිගැනීම් නාටකය අස්සේ පත්වීම් මල්ලක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවායැයි කියන 1,058කගේ නම් ලැයිස්තුවකට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා ගැසූ ගැටයක තොරතුරු හෙළිව තිබේ.

එම ලයිස්තුවට අනුව අධ්‍යාපන පරිපාලන සේවයට 258 දෙනෙකු, විදුහල්පති හා ගුරු අධ්‍යාපනනඥ සේවයට 800 දෙනෙකු අනුමත කර එවන ලෙස කොමසමට දන්වා ඇති බව පැවසේ.
කෙසේවුවද, අධ්‍යාපන පරිපාලන සේවයට හා විදුහල්පති සේවයට බඳවාගනු ලබන්නේ කුසලතා පදනම මත හෝ විභාගයක් පවත්වා ඉන් තෝරාගෙනය.

මංගල රජයේ මාධ්‍ය ආයතනවල නිවුස් පුටු මාරු කරයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය වසරේ මැයි මාසයේ දී දිවුරුම් දුන් මංගල සමරවීර මහතා අද(18දා) පෙරවරුවේ කිසිදු දැනුම්දීමකින් තොරව ස්වාධීන රූපවාහිනියට සහ ජාතික රූපවාහිනියට ගොස් එහි ප්‍රවෘත්ති මුල් පුටු සම්පූර්ණයෙන් වෙනස්කර තිබේ.


ඒ අනුව රාජපක්ෂ රෙජිමය පෙරලා දැමීමට විශාල වැඩ කොටසක් සිදුකළ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්) ලෙස පත් කර තිබේ.

විග්නේෂ්වරන්, මිය ගිය අය සමරා, උතුරේ ස්මාරකයක් විවෘත කරයි

යුද්ධයෙන් මිය ගිය උතුරේ දෙමළ ජනතාව සිහි කර සමරු ස්මාරකයක් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී අද විවෘත කෙරුණා.

කෙසේ වෙතත්, නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර තණමල්විල ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියේ මෙවැනි සැමරුම් සඳහා කිසිදු නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බවයි.

මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පැවති සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා උතුර පළාත් සභාවේ පිරිසක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ සිට වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා රථ පෙළපාලියකින් ගමන් කළා.

මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 6ක් සිය සොහොයුරාගේ සමාගමකට ගෙවීමට උත්සාහ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව කියන ෆීලික්ස් රොඩ්‍රිගෝ නැමැත්තාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. 

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහතා විසින් රජයේ ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසුව බව ද දැනගන්නට තිබේ. 

රොඩ්‍රිගෝ නැමැත්තා විසින් මෙම මුදල සිය සොහොයුරාගේ සමාගමට ගෙවීමට තැත් කොට ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු චීන මනාල මනාලියන් 100 දෙනෙකුගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ශ්‍රී ලංකා සංවර්ධන ප්‍රවර්ධන අධිකාරිය මේ සඳහා පහසුකම් සැලසූ අතර මේ පිළිබඳව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී නානායක්කර මහතා ප්‍රකාශ කළේ මේ උත්සවය සඳහා රජයේ මුදල් සතයක්වත් වැය නොවන බවයි. 

Thursday, May 17, 2018

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක්

සියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 - 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.

'රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවක් කරන්න එපා'' - මංගල

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙන් රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරනෑවක් ලෙස යොදා නොගන්නා ලෙස මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී සිටියි.

ඇමතිවරයා එබව සඳහන් කලේ අලුතින් නම් කල රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් වෙත පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (16) පැවති සුහද හමුවේදීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රුපවාහිනී සේවය හා සැලසිනේ ආයතන වෙනුවෙන් පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලු දෙනාම පාහේ මෙහිදී සිය පත්වීම් ලිපි බාරගනු ලැබිය.

රිෂාඩ් මන්දපෝෂණයට තිත තියන්න යයි

මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳම විසඳුම වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට තිරසාර වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹදී පැවති ගෝලීය මාංෂභෝග සම්මේලනයේ සමාරම්භක සමුළුව අමතමිනි.

මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට ලක් කෙරේ

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙසේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Wednesday, May 16, 2018

හින්දු කෝවිලට භාරයක් වීමට ගිය ශෂී වීරවංස ආපසු එද්දී රිය අනතුරක

විමල් මල් වීරවංස මහතාගේ බිරඳ වන ශෂී වීරවංස මහත්මිය භාරයක් වීම සඳහා මුන්නේෂ්වරම් කෝවිලට ගොස් ආපසු එමින් සිටියදී රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.

සංවිධායක යැයි රග දැක්වූ එරංදගේ ඩීල් එකට මහරගමට උඩින් පාත් වූ බඩල්ගම සහ වැල්ලවත්තේ බයිසිකලේ කට්ටියට - හකුළාගෙන ගෙදර යන්න වෙන ලකුණු

පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහරගම කොට්ඨාශය ජයග‍්‍රහණය කිරීමට ස්වාධින කණ්ඩායම් අංක 02 බයිසිකලය යටතේ ඉදිරිපත් වූ කණ්ඩායම සමත් විය. තේරී පත් වූ 25 දෙනාගෙන් 23 ක් ම මහරගම මැතිවරණ බල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් නොවන අතර ඉන් බහුතරය දිවුලපිටිය ආසනයේ බඩල්ගම ප‍්‍රදේශවාසීන් වේ. තවත් කිහිප දෙනෙකු කොළඹ වැල්ලවත්තේ පදිංචිකරුවන් ය.


පළාත් පාලන මැතිවරණයේ මූලික සුදුසුකම් කඩ කරමින් මැතිවරණයට ඉදිරිපත් වී මහජනතාව නොමග යැවීමට එරෙහිව චන්ද්‍රසේන පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ රිට් අඥාව අද(16) අභියාචනාධිකරණ අංක 303 හිදී විභාග කෙරිණ. මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මහරගම නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත‍්‍රීධූර හොබවන බඩල්ගම සහ වැල්ලවත්ත ප‍්‍රදේශවල පදිංචි 23 දෙනාත් මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙන්ම මහරගම නගර සභාවේ නිලධාරීන් නම් කර ඇත.

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියක පාඩවුක් තරාතිරම නොබලා දඬුවම් කරනවා - අමැති අර්ජුන රණතුංග අවධාරණය කරයි

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩවුක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා වැඩිදුරටත් පැවසුවේ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව එම වංචාවට වගකිය යුතු නිලධාරීන් හඳුනාගෙන දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවයි. සිදු වූ පාඩුව වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකරගැනීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අද ( 16 ) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සයිටම් සිසුන් 982 ක්‌ කොතලාවලට ගන්න කැබිනට්‌ අනුමැතිය

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් නවසිය අසූ දෙදෙනා කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළ බව උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (15 වැනිදා) පැවසීය. 

සජිත් අගමැති කරමු ! - මංගලගේ ප්‍රකාශයෙන් 'වෙන්න අගමැතිවරු' හොල්මන් වෙලා

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අගමැති අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත් කලයුතු බව එම පක්ෂයේ උප සභාපතිවරයකු වන මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (15) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව 'නිව්ස් ටියුබ්' වාර්තා කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් දැන් තියා ප්‍රසිද්ධියට පත් කරමින් ගමින් ගමට - නගරයෙන් නගරයට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භකළ යුතු බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

බදුල්ලේ ඇමතිගේ කොළඹ නිලනිවසේ නාගයකු පදිංචියට ඇවිත්

බදුල්ල පැත්තේ ඇමති කෙනෙක් හා හා පුරා කියල සමුළු නිවාස පැත්තෙ තියෙන නිල නිවසකට ගියාලු.”මේකේ කොහොමද මම ඉන්නේ. කඩා වැටෙන්න ඔන්න මෙන්න.හදල දෙන්න කියල අමාත්‍යාංශයේ නිලධාරීන්ට කිවුවලු.නිලධාරීන් ඉක්මනට වැඩේ පටන් ගත්තලු.බාස් උන්නැහෙලට එන්න කිවුවලු.

දිලුම් අමුණුගම එනතුරු නාමල් මහ රෑ පාරේ නිදි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ගොස් පැමිණෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රි මහ පාරේ ඇවිදිමින් කාලය ගතකලේය.

බස් හිමියන්ගේ අසාධාරණ ඉල්ලීම් වලට එරෙහිව මගී සංගමයක් සටනට

බස් රථ හිමියන්ගේ සංගම් ඉල්ලා සිටින ආකාරයේ 10%ක හෝ 20%ක ගාස්තු ඉහල දැමීම මගී ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයක් බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සඳහන් කර සිටියි.

එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්තගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ බස් හිමියන් විසින් ඉල්ලා සිටින බස් ගාස්තු සංශෝධනය මගී ජනතාවට දරාගත නොහැකි තත්ත්වයේ ගාස්තු ඉහළ දැමීමක් බවය.

Tuesday, May 15, 2018

කීත් නොයාර් පැහැර ගැනීම කථානායකගෙන් ප්‍රශ්න කිරීමට යයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට යයි.

මෙම ප්‍රශ්න කිරීම බොහෝ විට ඉදිරි දින කීපය ඇතුළත පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මම කවදත් ශ්‍රී ලංකා තේවලට ඉතා කැමැතියි - ඉරාන ආධ්‍යාත්මික නායක අල් කමේනි ශ්‍රී ලංකා ජනපතිට කියපු කතාව

තමා කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පෙරේදා (13)පැවසිය.

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණු අවස්ථාවේදී මේ බව සඳහන් විණි.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෘදයාංගම ලෙස පිළිගනු ලැබීය. අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා- ඉරාන සබඳතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ජනතාව අතර සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මුදල් නෝට්ටුවල කුරුටුගෑම ඇතුළු හේතු රැසක් මත කෝටි 9400ක මුදල් ඉවතට

සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ නොසැළකිලිමත් භාවය මත මුදල් නෝට්ටුවල කුරුටු සටහන් ඇදිම ඇතුලු තවත් හේතු ගණනාවක් මත පසුගිය අවුරුද්දේ මහ බැංකුවට පාවිච්චියට ගත නොහැකි මුදල් වශයෙන් රුපියල් කෝටි නවදහස් හාරසියයක මුදල් භාවිතයෙන් ඉවත් කර විනාශ කිරිමට සිදුවු බව මහ බැංකුව කියයි. මෙසේ විනාශ වි ඇති වටිනාකම ඇතුලත් මුදල් නෝට්ටු ප්‍රමාණය මිලියන 177ක් වෙයි. ඉහත වටිනාකම ඇතුලත්ව ඇත්තේ මෙම නෝට්ටු ප්‍රමාණය තුළය.

ඇතැම් පුද්ගලයන් විසින් මුදල් නෝට්ටුවල බලි කුරුටු අදිති. තවත් අය නම් ගම් ලිපින කවි ගීත කොටස් ආදර වදන් සහ තවත් බොහෝ දේ සටහන් කර මුදල්වල ස්වාභාවික පෙනුම විකෟති කරති. මෙසේ මුදල් මේ ආකාරයෙන් විනාශ කිරිම මහබැංකුව පෙන්වා දෙන්නේ ජාතික විනාශයක් ලෙසයි.

රූපවාහිනී, ITN සහ සැලසිනේ කාන්තාවන් අතට

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනයට නව සභාපතිනියන් තිදෙනෙකු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත්කර ඇත. 

Monday, May 14, 2018

ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් වර්ධනයට ජනපතිවරු සාකච්ඡා

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ඉරානයේදි ඊයේ (13) දෙරට රාජ්‍ය නායකයන් ඉදිරියේ අස්සන් තැබිණි.
ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදුවූ අවස්ථාවේදී මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය. ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපතිතුමා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මෙහිදී සංවිධාන කර තිබුණි.

ජාතික රූපවාහිනියේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි

ජාතික රූපවාහිනී සේවයේ සභාපති රවී ජයවර්ධන මහතා හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇත.

Sunday, May 13, 2018

තිලංගට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්

තිලංග සුමතිපාල මහතා තනියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් කිරිම සදහා ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් සූදානම් වෙති.

ජනාධිපතිවරණයට එනවාද - ගෝටා-බැසිල් එකම කතාව දෙවිදිහකට කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයා කවුදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.


මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගත් පසු තමන්ද තීරණයක් ගැනීමට සූදානම් යයිද ඒ මහතා පවසයි.