BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 23, 2017

ශ්‍රී ලංකාවේ ධනාත්මක සංවර්ධන ප්‍රතිලාභ ලෝක බැංකුවේ පැසසුමට

ඉන්දියාව, බංගලාදේශය, භූතානය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂිකා එස්. අපර්ණා මහත්මිය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂිකා ඉදාහ් ඉසෙඩ්. ස්වරායි-රිඩියො මහත්මිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා (21) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මැරයින් ඩ්‍රයිව් පානදුර දක්‌වාම

ගාලුපාරට සමගාමීව මුහුදු තීරය ඔස්‌සේ දිවෙන මාර්ගය (මැරයින් ඩ්‍රයව් ) දෙහිවල සහ වැල්ලවත්තෙන් අවසන් නොකර පානදුර දක්‌වා දීර්ග කිරීමට තීරණය කර ඇති බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක දැක්‌වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තිරිසන් නිළධාරියෙක්, ආහාර ගනිමින් සිටි මගීන් පිරිසක් ආපනශාලාවෙන් පන්නා දමයි

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වන අංක 4021 දරන දුම්රියේ සැප්තැම්බර් 7 වැනිදා ගමන්ගත් කාන්තාවන් හා ළමුන් ඇතුළත් මගීන් පිරිසකට, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළදාරියකු විසින් කරනු ලැබූ තිරිසන් වැඩක් පිළිබද වාර්තා වේ. එම තිරිසනාගේ කරදරයට ලක් වූ මගී කාන්තාවක් තමන් මුහුණදුන් අත්දැකීම මෙසේ විස්තර කරයි.

‘අපි යානපනයේ දුම්රිය ස්ථානයට ගියේ කොළඹ බලා එන්න ටිකට්පතක් ගන්න. ආසන වෙන් කරලා නැති නිසා දුම්රිය ස්ථානාධිපතිතුමා කිව්වා, නියෝජ්‍ය ගමනාගමන අධිකාරීතුමන්ගේ විශේෂ අනුමැතියක් ලබාගත්තොත් ආසන නොමැති විවෘත ටිකට් නිකුත්කළ හැකි බවයි. ඒ අනුව අපි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී සෙනවිරත්න මහතා අමතා විවෘත ටිකට්පත් ලබා ගැනීම සදහා විශේෂ අවසරයක් ලබා ගත්තා.

වයින් - බියර් බලපත්‍ර ලිහිල් කිරීමේ සූදානමක්‌

වයින් සහ බියර් අලෙවිය සඳහා වන බලපත්‍රය ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Friday, September 22, 2017

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි.

ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි


රාජපක්ෂ පවුලේ රහස්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන බව ආණ්ඩුවට පවසමින් තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින සජින් වාස් ගුණවර්ධන පිළිබඳව  හෙළිදරව් කළෙමු. ආණ්ඩුවත් සමඟ මෙම ගොනාට ඇන්දීමේ ක්‍රීඩාවෙහි නිරත වී සිටින්නේ සජින් වාස් පමණක් නොවේ. හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ද නියැළී සිටින්නේ එම ක්‍රියාවලියෙහිමය.  

ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ප්‍රසංසනීයයි – එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා පවසයි

පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සදහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් (Thomas Shannon) මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (21) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දීර්ඝකාලීන සබදතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබදව ද සිය ස්තූතිය පිරිනැමීය.දශක තුනක යුද්ධයෙන් අනතුරුව රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගීම සදහා ගෙනයන සංහිදියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙන්ම යුද්ධය පැවති ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා එක්සත් ජනපදය ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

බැඳුම්කර කොමිසමේ තක්කඩිකම් ගැන තොරතුරුත් එළියට

බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන් විමසීමට පිහි‍ටුවා ඇති ජනාධිපති බැඳුම්කර කොමිසම දේශපාලන වුවමනාවක් මත පවත්වාගෙන යන මෙහෙයුමක් බවට විවෙච්න ඉදිරිපත්ව තිබෙන අතර අද දින ඒ සනාත කරන සාක්ෂියක් හසුවී තිබේ.

මහ බැංකුවේ නියොජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද දින බැඳුම්කර කොමිසම් ශාලාව සමඟ පිහි‍ටුවා තිබෙන නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල තුල එහි නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටි බව අනාවරණය වී ඇත. මෙම බැඳුම්කර සිදුවීමේදී චෝදනා ලත් පාර්ශ්ව ලෙස මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද නම් කර තිබෙන අතර නන්දලාල් වීරසිංහද එවැන්නකි. ඔහුට කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් සිදුකරන ප්‍රශ්න කිරීමවලට පිලිතුරු දෙනවා විනා ඔවුන්ගේ කාර්යාලයට ගොස් කසු කුසු ගෑමේ හැකියාවක් නැත.  නනදලාල් වීරසිංහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහයකයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර වත්මන් යහපාලන ආණ්ඩුව බිඳවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙකු බවට චෝදනා ලබා ද තිබේ. 

ඇමති මංගලගේ අත්සනින් යුතු නව 5000 නෝට්ටුවටක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය නව ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂිතයි

බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම මත පදනම්ව ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය සමාජය තුළ ආරක්‌ෂා කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

පළාත් සභා ඡන්දය මාර්තුවේ - ඇමැති ෆයිසර්

නව මැතිවරණ ක්‍රමය යටතේ සියයට 50 ක්‌ කොට්‌ඨාස මට්‌ටමින්ද තවත් සියයට 50 ක්‌ අනුපාත මට්‌ටමින්ද මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට නියමිත බවද ලබන මාර්තු මාසය වන විට නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන බව ද පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සඳහන් කළේaය.

Thursday, September 21, 2017

Gossip : වර්ජනය කරපු දොස්තරලාට ජනතාවගෙන් බිත්තර ප්‍රහාරයක්

අද දිනයේ රට පුරා ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිළධාරිවරුන්ගේ වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.දිවයින පුරා බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සිදු නොකරන බවයි වාර්තා වන්නේ.මීට පෙරද මෙවැනිම වූ වර්ජනයන් රජයේ වෛද්‍ය නිළධාරිවරුන් විසින් සිදු කල අතර එම අවස්ථාවේදී ඔවුනට විරෝධය දක්වා වෛද්‍යවරුන්ගේ වාහනවලට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඉන්ධනහල්වල සෙවකයින් විසින් දැන්වීම් පුවරු සවිකර තිබුනු ආකාරය දකින්නට ලැබුනා.


මරික්කාර් ජනාධිපති කොමිසමට : VIDEO


මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනාධිපති කොමිසමට හොයාගන්න හැකිවේවා යි තමන් ප්‍රාර්ථනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

හෙතෙම මෙම අදහස් පළකරන ලද්දේ, මීතොටමුල්ල කසල කන්ද නායයෑම සම්බන්ධව පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ස්වකැමැත්තෙන්ම සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වෙමින්ය.

"සහසර" බස්නාහිරින් ඇරඹේ

බස්රථ ධාවන කාලවේලාවන් ඇතුළු සේවාවන් රැසක් මගී ජනතාවට සපයන "සහසර" ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමත් පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඡන්ද නෑ කියලා මට ගිනි තියාගන්නද කියන්නේ? මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය

පවතින නීතිය යටතේ ඉදිරි මැතිවරණ පැවැත්විය හැකි ක‍්‍රමවේදයත්, මැතිවරණ කල් යෑම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමග රිවිර පැවැත්වූ සාකච්ඡුාවකි මේ.
ප‍්‍ර – සමහරු එළඹෙන මැතිවරණ කොට්ඨාස ක‍්‍රමයට පවත්වන බව කියනවා. තවත් සමහරු මිශ‍්‍ර ක‍්‍රමයට පවත්වන බව කියනවා. ඇත්තටම මෙහි නෛතික තත්ත්වය කුමක් ද?
පි – එක එක පුද්ගලයාට විවිධ දේවල් ප‍්‍රකාශ කරන්න පුළුවන්. නමුත් පවතින නීතියේ සඳහන් වන ක‍්‍රමවේදයට තමයි අපට මැතිවරණ තියන්න වෙන්නේ. දැනට නීතියේ තියෙන්නේ සමානුපාත සහ මනාප ක‍්‍රමය. ඊට වඩා දෙයක් මට ඒ ගැන කියන්න බෑ. නුදුරු අනාගතයේ යම් වෙනසක් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක වන බව පේනවා. නමුත් දැනට පවතින ක‍්‍රමය වෙනසක් වේවි ද නැද්ද කියලා අපි දන්නේ නෑ.

එදා හරිමඟ පෙන්නුවා නම් අද පිණ්ඩපාතේ වඩින්න වෙන්නෙ නෑ

සුදු රෙදි නඩුවෙහි චූදිතයන්ට නියම වූ දඩ මුදල් ගෙවීම සඳහා ඇතැම් භික්ෂුන් වහන්සේ පිණ්ඩාපාතයෙහි යෙදීම බෞද්ධ සමාජයේ මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ. පිණ්ඩපාතය යනු කුමක් ද? එය කළ යුත්තේ කෙසේ ද? නිතිය ඉදිරියේ වරදකරුවන් වූවන් ගලවා ගැනීමට කරන පිණ්ඩපාතය කිරීම හොඳද නරකද? බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වති.

වස්සාන සමයේ පිණ්ඩපාතයේ වැඩිම පිළිබඳ බෞද්ධ ජන සමාජයේ ප්‍රතිරෝධයට ඔබ වහන්සේ දක්වන මතය කවරක් ද?

රටේ ජාතික සමගිය අනන්‍යතාව රැක ගැනීම ජනාධිපතිතුමාගේත් මගේත් වගකීමක් - අගමැති

අද පාර්ලිමේන්තුව ගත් විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ද්‍රවිඩ ජාතිකයෙක්. එය ප‍්‍රශ්නයක් වී නැහැ. විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එතුමා සමග වැඩ කටයුතු සිදු කරනවා. අපේ රටේ ජාතික සමගිය, ශ‍්‍රී ලාංකික අනන්‍යතාව ඇති කිරීම සඳහා උදා වී තිබෙන එකම අවස්ථාව මෙයයි. එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ තමන්ගේ වගකීම බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

අගමැතිවරයා එසේ පැවසූවේ මරදාන, සහිරා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. එහිදී අගමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

මධ්‍යම අධිවේගයට ටෙන්ඩර් කැඳවීමේ දී කිසිඳු සොරකමක් සිදු වී නැහැ - ඇමති කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී කිසිඳු සොරකමක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටස ජපානයේ ණයවලින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ පසු ටෙන්ඩර් ක්‍රියාවලියකට ගියේ තරඟකාරීත්වයක් ඇති කර වියදම අඩු කර ගැනීමට යැයි ද කිරිඇල්ල මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3වන අදියරේ කි.මී.1ක් සඳහා වියදම බිලියන 3.9ක් පමණයි. කිලෝමීටරයක වියදම බිලියන 3කින් අඩුවෙලා තිබියත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතමුන් උත්සාහ කරනවා.


පසුගිය ආණ්ඩුව කාලේ අධිවේගී මාර්ග හදන්න කොන්ත්‍රාත් zzහිතුවා. දුන්නා.ZZ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව මාර්ගය හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුවයි. නමුත් අපේ රජය මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවා, නිසි ක්‍රමවේදයකටයි.

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී සිදු වූ කිබුල බනිස් පිළිගැන්වීම තරයේ හෙළා දකිනවා - හිටපු ජනපති

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ කියා සිටියේය.

Wednesday, September 20, 2017

ලෝකයේ කිසිම රටක නැති ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත බලය ගැන මෛත්‍රී ලෝක නායකයින්ගේ කණේ තියයි : Video

අමතා ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි. ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා. තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා. 

ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා. 2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළා.

පසුගිය රජය සමයේ මහජන මුදල් අවභාවිතා කර බන්ධනාගාර රෝහලේ සිටි ලලිත්ට සහ අනුෂට ඇප


පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සැසිය ඇරැඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය හා සමගාමීව සංවිධාන කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය සඳුදා (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ ආර්ථික හා සමාජයීය මණ්ඩලයේ දී පැවැත්විණි. ඒ එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා‍ගේ ප්‍රධානත්වයෙනි.


රාජ්‍ය නායකයන් පමණක් සහභාගි වූ මේ සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විය.

ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නිර්භීත තීන්දු, තීරණ ආර්ථික පෙරළියක් කරන්න රුකුලක් වුණා

ආසියාව බලවත්වීමේ ආර්ථික විප්ලවය ඇතිවූයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජේ.ආර් ජයවර්ධන මැතිතුමා රට වෙනුවෙන් ගත් නිර්භීත තීන්දු , තීරණ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පෙරට ගමන් කළ බවත් ජයවර්ධන පාලන කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස සැළකිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (18) කොළඹ- 7 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන මධ්‍යෂ්ථානයේ පැවැති දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 111වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.

Tuesday, September 19, 2017

වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.

ජනපති මහින්ද එනකොට හෝටලේ ඔක්කොම ලයිට් ඕෆ් කරනවා

මහින්ද රාජපක්ෂ මෙරට ජනාධිපති වී සිටි සමයේ සිදු වූ නොයෙකුත් දුෂණ ක්‍රියා පිලිබදව මේ වන විට නිතිය ක්‍රියාත්මක වෙමින් පවති.මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයාව සිටි ලලිත් වීරතුංග මහතා ඉකුත් සතියේදී වසර 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම නිසාය.

මෙම චෝදනා බොහොමයක් මහින්ද රාජපක්ෂටම එල්ල වුවා නොවේ.ඔහුගේ පුතුන් සහ බිරිද වන ශිරන්ති රාජපක්ෂටද චෝදනා රාශියක් එල්ල වී ඇත.ඒවා අතර මිනීමැරුම් චෝදනාද ඇත.

ගම්මන්පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහිමිවන ලකුණු

ඕස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් යන අයට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සමාගම් කොටස් මිලියන 2ක් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් සකස් කර ප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අංක 8394/16 දරණ නඩුව ශාලා අංක 05දී ඊයේ (18) දින විභාගයට ගන්නා ලදී.

එහිදී බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් දෙවන දිනටත් හරස් ප‍්‍රශ්ණ අසනු ලැබිණි. උදය ගම්මන්පිල මහතා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරු කිහිපදෙනෙකු විසින් පුරා පැය තුනකට ආසන්න කාලයක් එහිදී හරස් ප‍්‍රශ්ණ අසන ලදී.

සබරගමුවට එජාපයෙන් හේෂා - එකාබද්ධයෙන් පවිත්‍රා ?


ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ලබන මස මුල් සතියේ දිනක ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

සිල්රෙදි සිරකරුවන් සුරකින්න පිණ්ඩපාත වැඩිම කිරිබත්ගොඩින් නවතී.මිනිස්සු සල්ලි වෙනුවට කිබුලා බනිස්

ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් කිබුලා බනිස් ආදිය බෙදා දීමට ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.

සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ මෙම පිණ්ඩපාත චාරිකාව අද උදෑසන කිරිබත්ගොඩ නගරයට වැඩම කල අතර එම අවස්ථාවේදී කිරිබත්ගොඩ නගරයේ සිටි ජනතාව එම සංඝයා වහන්සේලාට කිබුලා බනිස් පිළිගැන්වීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇති වුවා.

නීතිය සහ බුද්ධාගම රැක ගන්න කියලා දෙන්න ආපු නාමල්ට රන්ජන් රිදෙන්න දීපු උත්තරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් නිකුත් කරන ලද පණිවිඩයක් නිසා ට්විටර් සමාජ ජාලය මේ වන විට දැඩි කතා බහක් ඇති වි තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් සඳහන් කර ඇත්තේ,

“නීතිවේදීන් ගැන සහ ආගමික නායකයන්ගේ වැරදි කතා කරන්න කලින් ඔබගේ පක්ෂයේ සිටින දූෂිත පුද්ගලයන් ගැන පළමුව කතා කරන ලෙසයි..!

ලොක්කන් ලෙඩ කියා රෝහල්ගත කරවන වැලිකඩ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊයේ (18) දැනුම් දුන්නේය.

ව්‍යාජ තොරතුරු පෙන්වා කොළඹ නාගරික ලේකම් ගංවතුර ආධාර අරන්

පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් රජයේ සේවකයන්ට ලබාදුන් ගංවතුර ණය ආධාර මුදලින් රුපියල් 342,102.00 ක්‌ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කොළඹ නාගරික ලේකම්වරිය ලබාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. අනුර මහතා විසින් බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාරවරයාට ඊයේ (18 දා) පැමිණිලි කර ඇත. 

ආණ්‌ඩුකාර සී. වී. ලෝගේෂ්වරම් මහතාට අමතරව රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයකටද පැමිණිලි පිටපත් යොමු කළ බව අනුර මහතා "දිවයින"ට පැවසීය.

Monday, September 18, 2017

කටයි – පු*යි වහගෙන ඉන්නද ? ගොං හරක් - ගොටාගේ රහස් දුරකථන සංවාදය මෙන්න

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඉලක්ක කරගනිමින් සිදුකල වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා රචනා කල “12-11-10 වැලිකඩ” කෘතිය පසුගියදා ජනගත කලා.

මහජන දිනයේ”බීමතින් ලිංගික පහස හොයන්න ගිහින්”නියෝජ්‍ය ඇමති ඇන ගත්ත හැටි

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කාලයෙන් කාලයට පුවත් මවනා චරිතයක් වෙලා තිබ්බ ඒ ඔහුගේ කට නිසා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබද නැවත වතාවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක්ව තිබෙනවා. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ යැයි කියන ඡායාරුප කිහිපයක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරු වීමට ආරම්භ වීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප පිළිබදව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතය දැන ගැනීමට අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට අප දිගින් දිගටම උත්සාහ කළා.

ප්‍රභලයින්ගේ දුරකථන වලට රහසිගතව සවන් දෙන එජාප ප්‍රබලයා කවුද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකුගේ දුරකථන වලට රහසිගතව සවන් දෙන බවට තොරතුරු වාර්තා වෙයි. එම පිරිස අතරට මහා ඇමතිවරු තිදෙනෙකුද ඇතුළත් බව සඳහන්.

මේ වන විට ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ජනාධිපතිවරයා ඊට විමතිය පළ කර තිබේ. එම පිරිසේ එක්සත් ජාතික පක්ෂයේ සිටින අය අතරින් තිදෙනෙකු පමණ පක්ෂයේ ප්‍රබලයන් බව සඳහන්.

උතුරු මැදට එජාපයෙන් නාලක කොලොන්නේ ? - ගෝඨා - ෆොන්සේකා ගැනත් ආරංචියක්

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව උතුරු මැද මහ ඇමති අපේක්ෂකත්වය පොලොන්නරුව දිස්තිකයේ නාලක කොලොන්නේ මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් උතුරු මැද පළාත් සභාව සඳහා මහ ඇමති අපේක්ෂකවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමත් යෝජනා කර ඇති බවට ද දේශපාලන ආරංචි පැතිර යයි.

LNG බලාගාරය සැම්සුන්ග් සමාගමට ලබාදුන්නේ නම් වසරකට රටට සිදුවන පාඩුව රු. බිලියන 11 ක් බව ඔප්පු වෙයි

ගොසිප්99 පුවත සත්‍ය කරමින් samsung මගඩිය එළිපිට ඔප්පුවේ.

ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඉදිකිරීමට නියමිත කෙරවලපිටිය මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුතු නව ස්වභාවික වායු විදුලි බලාගාරය සඳහා අන්තර්ජාතික මට්ටමේ තරඟකාරී පදනමින් ටෙන්ඩර් කැඳවීම 2016 වසරේ නොවැම්බර් මස සිදු කෙරිණ. ඒ සඳහා දේශීය සහ විදේශීය සමාගම් 08 ක් ඉදිරිපත් වූ අතර ඒ සියල්ල පසුගිය ජුනි මාසයේ තාක්ෂණික ඇගයීමකට ලක් කෙරිණ. විදුලිබල මණ්ඩලයේ සහ ක්ෂේත්‍රයේ දැනුම සහිත ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් වූ සමාගම් 08 න් සමාගම් 06 ක ටෙන්ඩර් පත්‍රිකා විවෘත කර මූල්‍ය තොරතුරු අධ්‍යයනය කළ යුතු බවට කොන්දේසි විරහිතව නිර්දේශ කෙරිණ.

හරින් කර දේ හේෂා කොපි කරයි - එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඉවතට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට වටපිටාව සැකසෙන බවට ආරංචි මාර්ගවලින් සැළ වී ඇත

එමෙන්ම ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 6 ස්ථානය ලබා ගෙන සිටින සිරිපාල කිරිඇල්ල පළාත් සභා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දක්වා සුදුසුකම් ලබනු ඇත

පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප‍්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

අධිකරණය මගහැරිය වීරකුමාරට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාව වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

Gossip : සබරගමුව පළාත් සභාවට කෑගල්ලෙන් තරු දෙකක්

එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට චරිත දෙකක් ඉදිරිපත්වන බවත් ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාසවන්ත අරම්චි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර ඇති අතර ඒ පිලිබඳ වැඩිදුර සාකච්ජා මේ වනවිට දෙපාර්ශවය අතර සිදුවන බවද සඳහන් වේ. කෙසේ නමුත් ගුණතිලක මහතා මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටි.

ලොතරැයි මණ්ඩලයෙන් ෂර්මිලා යයි - නිශ්ශංක නානායක්කාර එයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ජේෂ්ඨ නීතිඥ ෂර්මිලා පෙරේරා මෙනවිය එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යංශය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය රවී කරුණානායක මහතා විදේශ ඇමති වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට විදේශ අමාත්‍යංශයට විශේෂ ගැසට් පත්‍රිකාවකින් පවරා දෙනු ලැබූ අතර, පසුව රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අදාළ ආයතන දෙක නැවතත් මුදල් අමාත්‍යංශයට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී. 

යුද්ධයට එක් වූ කිසිවකුට ජාත්‍යන්තර අධිකරණවල නඩු පැවරීමට ඉඩ දෙන්නේ නෑ : අතුරුදන් පනත බලපාන්නේ අනාගතයටයි - අගමැති කුරුණෑගලදී කියයි

යුද්ධයට එක් වු කිසිවකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවල නඩු පැවරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒකමතිකව තිරණය කැර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල පෙරේදා (16) විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදිය.

මෙදින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ පොල්පිතිගම ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමටද සහභාගි විය. උත්සව සභාවේදී අගමැතිවරයා මහජනතාව වෙත නියං සහනාධාර, කිරි ගවයින් ලබා ගැනීම සඳහා මුල්‍ය ආධාර, දිරිය පියස නිවාස ණය, නිවාස හිමිකම් ඔප්පු, ගමට කෝටියක් යටතේ ගම්මාන පහකට මූල්‍ය ආධාර, පැරෂුට් තැටි, පාසල්වලට පරිගණක බෙදා දීමද සිදු කෙළේය.

අතුරුදන් පනත එපා ඒකාබද්ධය ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදන් වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය පෙරේදා (16 දා) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවට ගොස්‌ ඉල්ලා ඇත. 

ජීවන වියදම ගැන අද මාධ්‍ය නිහඬයි - මහින්ද

අද ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම පිළිබඳව මාධ්‍යයෙන් හඬක්‌ නගන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (17දා) පැවැසීය.

ඉදිරි මැතිවරණ කොට්‌ඨාස ක්‍රමයට - ජනපති


රටේ සියලු මැතිවරණ එක්‌ මැතිවරණ ක්‍රමයක්‌ මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (16 වැනිදා) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවේදීය.

Sunday, September 17, 2017

ගොටාගේ ප්‍රජා අයිතිය අහෝසි වේද?

රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය පවසයි.

චතුරිකාගේ පොත් ලිවිල්ල අතේ පත්තුවෙයි ? ජනපති තාත්තා ලිව්වේ චතුරිකාද නැත්තම් සුනිල් මාධවද?

ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි. මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ වෙනුවෙන් චතුරිකා සිරිසේන සුනිල් මාධවයන්ට ලක්ෂ 25ක මුදලක් ගෙවීමට ඇති බවත්ය. නමුත් මෙම පුවත සුනිල් මාධවයන් තරයේ ප්‍රේතික්ෂේප කර තිබෙනවා.

පළාත් සභා මැතිවරණය නොවැම්බරයේ ?

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක්‌ අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය පෙර පරිදි කඩින්කඩ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය.


එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණය කැඳවීමේ ගැසට්‌ නිවේදනය ලබන මස 02 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කරනු ඇත.

ජනපති අමරිකාවට - රටේ ආරක්ෂාව රුවන්ට

එක්සත්  ජාතින්ගේ 72වැනි  මහා සමුළුව ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ  නිල සංචාරයක්  සඳහා අද උදෑසන පිටත්ව ගියහ.

Gossip : ජනපති මෛත්‍රී නිතරම 'හිටං' කියන්නේ ඇයි? - මෙන්න ඇත්ත

දේශපාලනික කරුණු වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන 'හිටං' යන වදනය.


තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් යොදා ගන්නා ලද මේ 'හිටං' යන වදන සමාජ කරළියට පිවිසෙන ලද්දේ ඒ මහතා ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමඟිනි මෛත්‍රීපාල සිරිසේන නාමය මේ 'හිටං' යන වදනත් සමඟම කොතෙක් සහ සම්බන්ධ වී තිබේද යත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඔහු 'හිටං සි‍රිසේන' යනුවෙන් හඳුන්වා ඇති අවස්ථාද අපි දැක ඇත්තෙමු.