BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 03, 2018

ක්‍රීඩා අමාත්‍යංශය උඩුකුරිඤ්ඤං කළ මාතර හෝටල් බිල

ක්‍රීඩා අමාත්‍යංශයේ සංවිධානයෙන් මාතර කොටවිලදී පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්, විනිසුරුවන්, ක්‍රීඩා නිලධාරීන් ඇතුළු විශාල පිරිසකට හෝටල් කාමර වෙන්කිරීම සඳහා නව ක්‍රමයක් යොදා ගැනීමෙන් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශය දැඩි අර්බුදයකට පත්ව සිටින බව වාර්තා වේ.

වැව් 2400 ක්‌ පිළිසකර කිරීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

වියළි කලාපයේ පිහිටි පැරණි වැව් 2400 ක්‌ පිළිසකර කිරීමේ රජයේ වැඩපිළිවෙලේ සමාරම්භක කටයුත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පෙරවරුවේ පොලොන්නරුවේදී ආරම්භ කෙරිණි.

පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ වැව් 123 ක්‌ මේ සඳහා තෝරාගෙන ඇති අතර ඊයේ (02) උදේ ප්‍රථමයෙන් පොලොන්නරුව චන්දන පොකුණ වැවේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

අගමැති සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්‌තිමත් කිරීම ගැන සාකච්ඡාකරයි

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්‌. ඊස්‌වරන් යන මහත්වරුන් ඊයේ (02දා)  සීසන්ස්‌ හෝටලයේ දී හමු වී සාකච්ඡා පැවැත් වූ අවස්‌ථාව.

මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස්‌ වෙළෙඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්‌තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්‌. ඊස්‌වරන් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරී ඇත.

මලික්‌ - වික්‍රම සහ චන්දිමාල්ලා මහපොළටත් වැඩේ දීලා - පෙරටුගාමී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ

බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්‌ඩුව සෘජුව වගකිව යුතු බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්‌ථානයේ 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සජිත්ට, හරීන්ට, නවීන්ට මහ බලයක් - අගමැති හීනය හබක් - පසුගිය සතියේ වෙච්ච දේශපාලන අටමගලවල් මෙන්න




මැතිවරණයෙන් පස්සේ කරළියට ආ ප්‍රධානම මාතෘකාව වූයේ කැබිනට් සංශෝධනයයි. වෙනස් වෙන, අලුතින් ලැබෙන, අහිමිවෙන තනතුරු ගැන බොහෝ දෙනා සිටියේ බලවත් දෙගිඩියාවකිනි. පක්ෂ විපක්ෂ සියලු දෙනා කුතුහලය කරපින්නාගෙන සිටියදී එජාපයට ජනපතිගෙන් ඇරයුමක් ලැබිණි. ඒ ඉරිදා (25) පෙරවරු 11.00ට පැවැත්වෙන දිව්රුම්දීමේ අවස්ථාවකට සහභාගීවන ලෙසටය. ඒ සමඟම නව රජයක් නව අගමැතිවරයෙක් යනාදී ලෙස තැන තැන වූ කතා පුස්සක් බවට පත්විණි.

එහෙත්,ඒ කාලය තුළ කිහිප විටක් ජනපති අගමැති හමු වී 'තනතුරු' සම්බන්ධව කරුණු හුවමාරු කරගෙන තිබිණි. ආණ්ඩුව එකට යාවිද නොයාවිද යන දෙගිඩියාව පහව යන්නට එය ප්‍රමාණවත් විය.

තනතුරු කඹ ඇදිල්ලක

සංශෝධනයට පෙරාතුව එජාප ශ්‍රිලනිප දෙපාර්ශ්වයම තනතුරු සම්බන්ධව විවාදවල නිරත වන අයුරු දැකිය හැකි විය. ඉන් ප්‍රධානම තනතුර වූයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ගැන වූ 'කඹ ඇදිල්ලයි'. ඊට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක් ගැන තිබ්බේ දෙපාර්ශ්වයට නතු කරගැනීම ගැන 'වාදයකි.'

අවසානයේදී බොහෝ වාද විවාද හමාර කරමින් එජාපයේ කිහිපදෙනෙකුටත්, ශ්‍රිලනිපයේ දෙදෙනෙකුට හෝ අයෙකුටත් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලනිපයට දෙන්න ගිය තනතුරු

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ වෙනස්කම් කිහිපයක් ගැනද තැන තැන කතා විණි. ඒ අතරින් මහින්ද අමරවීර අමාත්‍යවරයාට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත්, දුමින්ද දිසානායක අමාත්‍යවරයා කුසලතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙසත් පත්කිරීමට නියමිත බව පැවැසිණි. චන්දිම වීරක්කොඩි මහතාට ධීවර අමාත්‍යංශය ලබාදීමට නියමිත බවත් කියැවිනි. නමුත් තවදුරටත් ඒවා වෙනස් වී නැත.

රංගේ යි වසන්තයි 'ගේම්' එකක

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයාගේ ධුරය මෙන්ම ආණ්ඩුවේ ස්ථාවර බව පිළිබඳව විවිධ කතා හා මෙහෙයුම් දියත් වුවද ඒවා සියල්ල දැන් ඉතා ශීඝ්‍රයෙන් යට යාමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ.

අගමැතිවරයා හා ආණ්ඩුවේ ස්ථාවර බව තිබුණාටත් වඩා ශක්තිමත් වන පසුබිමක රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර ආනමඩුවේදී දෙබරයට යළිත් ගල් ගැසීය.

"මට සාධාරණය ඉටුවුණේ නෑ. තවත් එහෙම අය ඉන්නවා. ඒවා නිවැරදි නොකරණ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගේනවා" පාලිත රංගෙ බණ්ඩාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

"අගමැති හොඳින් හෝ නරකින් ඉවත් කළ යුතුයි" තමාටද කිසිදු සාධාරණයක් නොවූ බව කියමින් නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායකද ප්‍රහාර එල්ල කළේය.

එහෙත් ඊට අදාළ විශ්වාසභංගයට අත්සන් තැබීමට මෙතෙක් කිසිදු මැති ඇමති කෙනෙකු ඉදිරිපත් නොවීම තුළ එකී උත්සාහයද ශීඝ්‍රයෙන් යට යන පසුබිමක් නිර්මාණය වී තිබේ. උඩින් මෙන්ම යටින්ද ගිනි පත්තු වී ඇති බව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළද අගමැතිවරයා මේ සියලු තත්වයන්ට සුපුරුදු සැහැල්ලු බවකින් මුහුණ දෙන අයුරු පෙනේ. අගමැතිවරයා වෙනදා මෙන්ම බ්‍රහස්පතින්දාද සුපුරුදු රාජකාරිය සඳහා අරලියගහ මැදුරට පැමිණියේ ඒ අනුවය.

කිරිඇල්ලගෙන් ප්‍රහාරයක්

"එජාපයේ ඇමති සංශෝධනය අපි කළත්, ශ්‍රිලනිපයේ එක කල් ගියා. හරි නම් දෙකම එකටයි කරන්න තිබුණේ. අපේ සංශෝධන විතරක් කරන්න ඉඩදීම මම පෞද්ගලිකව එච්චර කැමති නැහැ" ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

"ආරංචි පළවෙන විදියට ශ්‍රීලනිප ඇමති මාරුව කරන්න අමාරු තත්වයක් ඇතිවෙලා කියලත් ආරංචියි. ශ්‍රීලනිප කවුරුවත් සංශෝධනවලට කැමති නැති කතාවකුත් තියනවා. මේ වෙලාවෙ කරන්න බැරි සංශෝධන පහුවෙලා නම් කරන්න බැරි වේවි. 

එජාපයට ශක්තිමත් සංවිධානයක් තියෙන නිසා සංශෝධන කළා. එහෙම හයියක් නැති පක්ෂයක මේවා කරන්න අමාරුයි" වජිර අබේවර්ධන කීය.

"මගේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග මාරු කළේ මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි අපේ වෙන කෙනෙකුගෙ ප්‍රශ්න නිසා කියලත් දැන් ඔප්පු වෙලා තියෙනවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"මගේ බැංකු ගලවනවා කියලත් පත්තර වල ගියා. එහෙම වුණොත් මට බෝඩ් ලෑල්ලක් විතරයි ඉතිරි වෙන්නේ. මම ජනාධිපතිතුමා හා අගමැතිතුමා ළඟ තියල, මේක ඇහුවම එතුමන්ල දෙන්නම බැංකු ගලවන්නෙ නැතිබව කීම සහනයක්" ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.

"ආණ්ඩුවේ පසුබෑමට හේතුව සමෘද්ධි හා කෘෂි අමාත්‍යාංශයේ පොහොර ඇතුළු ප්‍රශ්නයයි. අපේ නීතිය හා සාමයත් ශ්‍රීලංකා එකේ ප්‍රශ්නයත් නිසා ඒ ඇමතිකම මාරු කළා. හරිනම් ශ්‍රීලනිපයේ කෘෂි හා සමෘද්ධියත් මාරු කළ යුතු බව මිනිස්සු කියනවා" බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.

සජිත්ට නවීන්ට හරීන්ට 'බලය'

"අපේ දක්ෂ තරුණ අයට මීට වඩා වගකීම් ආණ්ඩුවේ හා පක්ෂය තුළ ලබාදීම කරන්න යන එක වටිනවා" දයා ගමගේ කීය.

"දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් ඇතුළු ප්‍රධාන කමිටු 03ක් දැම්මා. ඒවා කඩිනමින් වැඩ කරාවි. ඊළඟට ජේ.සී. අලවතුවලගෙ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වැඩ පිළිවෙලක් සකස් කරලා පහසුකම් දීම ගැනත් පත්කළ කමිටු වාර්තාව අලවතුවල මට ලබාදුන්නා. සජිත් නවීන් අජිත් හර්ෂලගෙ කමිටුව හරහා තරුණ ඇමතිවරුන්ගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන නිර්දේශ හෙට ලැබේවි. ඒ හරහාත් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රුවන් විජේවර්ධනගෙ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ සඳුදා ලැබේවි. මේ සියලු කමිටුවල නිර්දේශ එකතු කරලා එක වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කරනවා" අගමැති කීවේ සියලු දෙනාගේ ප්‍රශංසා මැදය.

අවුරුද්දට 'ලොකු'සහන

"ණය ගෙවලම හරියන්නෙ නෑ. ඒක කරන ගමන් ජනතාවට සහන, තරුණයන්ට රැකියා හා රටට ගමට සංවර්ධනයත් මේ හරහා වේගවත් කරන්න තීන්දු කිරීම වටිනවා. මේවා කලින් නොකළ නිසයි ජනතාව අපට රිදෙන්න ටොක්කක් දුන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

"ලඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද හා ඉදිරි අනාගතය වෙනුවෙන් ජනතාවගෙ ඇඟට දැනෙන වෙනස්කම් කරනවා. තරුණ මන්ත්‍රීල ඇමතිල හා අනිත් අයටත් මීට වඩා වගකීම් හා පහසුකම් දෙනවා" අගමැති කීය.

ෆොන්සේකට 'හරස් වුණේ කවුද?

"පොන්සේකාට නීතිය හා සාමය ලබාදීමට එජාපය එකඟවෙලා තියෙද්දී ඒක යට යාම ගැන ජනතාව අසතුටුයි වගේ" දයා ගමගේ කීය.

"ෆීල්ඩ් මාර්ෂල්ගෙ පත්වීම වැලැක්වූයේ එජාපය නෙවෙයි බාහිර බලවේග බව දැන් එළිවෙලා" ගයන්ත කරුණාතිලක කී දේ සියල්ල අනුමත කළහ.

“ඒ වගකීම් තාවකාලිකව අගමැතිතුමා ගැනීම හොඳයි. සතියකින් දෙකකින් ඒ වගකීම් සුදුසු කෙනෙකුට ලබා දීමට තීන්දු කළ එකත් හොඳ දෙයක්. හැබැයි හොරු ඇල්ලුවේ නැත්තම් ආණ්ඩුව ඉවරයි” ජේ ඩී අලවතුවල හා චමින්ද විජේසිරි කීවේ එකම කථාවකි.

අගමැතිගේ කමිටුව ජනපති අහෝසි කළාද?

“අගමැතිතුමාගේ ආර්ථික කමිටුව ගැන ජනාධිපතිතුමා ගිය කැබිනට් එකේදි ප්‍රශ්ණ කළා. ඒ කමිටුවේදී වැඩ හිරවෙන බවට යම් මතයක් තිබෙනවා. ඒ නිසා කමිටුවේ වැඩ කඩිනම් කිරීම වටිනවා” වජිර අබේවර්ධන කීය.

“කමිටුවේ වැඩ නවත්තන්න තීන්දු කළේ නෑ. දූෂණය වලක්වන්නයි ඔය කමිටුව හැදුවේ. හැම දෙයක්ම හොයලා තීන්දු දෙන්න ගියාම සුළු ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද නැති කරන්න වහාම පියවර ගන්නවා” අගමැති පිළිතුරු දුන්නේය.

චම්පිකට මුදල්

“චම්පික රණවකගේ නාගරික නිවාස වැඩ පිළිවෙළ හිර වුණේ කමිටුවෙන් නෙවෙයි මුදල් හිඟකම නිසයි” නිළධාරියෙක් කීය.

“චම්පිකට අපි මුදල් සොයලා දෙනවා. එජාප ප්‍රමුඛ ආර්ථික න්‍යායපත්‍රය හා ජනාධිපතිකතුමා ප්‍රමුඛ ශ්‍රීලනිප අදහස් හා යෝජනා මත ආර්ථිකය වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා” අගමැතිවරයා කීය.

අම්පාරේ සිද්ධිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි. පළමුව අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය. අමාත්‍ය දයා ගමගේ මහතා ඒ පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම් වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මම සියලු කරුණු දැන ගත් බවයි. මේ පිළිබඳව දිර්ඝව කථා කළ යුතුයි. තනිකරම මෙය ජාතිවාදය ඇවිස්සීමේ වැඩපිළිවෙළක පෙරනිමිත්තක්. මෙය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයිනුත් ඉන්නවා යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව අම්පාර සිද්ධිය ක්‍රියාත්මක වූ බවත්, සිදු වූ දේපල හානි වලට වන්දි ගෙවන ලෙසත් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙම සිදුකළ බව මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ අදහස විය. ඉන් පසු අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. සිද්ධිය සිදුවන විට පොලීසිය නිහඩව බලා සිටි බවත්, පසුව ක්‍රියාත්මක වී ඇති බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කළේය. ඒ පිළිබඳව ද සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි.

හැට පැන්න දිසාපතිවරු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් දිස්ත්‍රික් ලේකම්වරු පිළිබදව විමසා සිටියේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්ම වූ දිසාපතිවරුන් 03 කගේ කාලය දිර්ඝ කිරීම නිසා එම ක්ෂේත්‍ර යේ නිලධාරීන් අප්‍රසාදය පළකරන බවයි. තරුණ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් තනතුරුවලට පැමිණිමට ඇති අවස්ථාව මෙමඟින් මඟහැරී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසුවේ එම දිසාපතිවරුන්ට සේවා දිගුවක් ලබාදුන්නේ පළාත් පාලන මැතිවරණය හේතුවෙනි. නැවත ලබාදෙන්නේ නැහැ. ඉන් පසු අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. නියමිත කාලයට විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම යවන්න. ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න, එවිට නවක පරපුරට අවස්ථාව උදාවෙනවා. මෙය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ආර්ථික කළමනාකරණ කමිටුව සහ චීන කඩ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව පිළිබදව ඉන්පසු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමුවිය. පළමුව අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. “ ටයර් කර්මාන්ත ශාලාවක් හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කළා. නමුත් එම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ කර්මාන්ත පුරයෙන් පිටතයි. අවසරයකින් තොරව ඉදිකිරිම් සිදු කරනවා. මෙමඟින් රජය අපහසුතාවයට පත්වෙනවා. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සදහා මමත්, අග්‍රාමාත්‍යවරයාත් එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ අවස්ථාවටත් එක් වුණා. නමුත් වොක්ස්වැගන් ආයතනය ප්‍රකාශ කළා අපේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා.” ජනාධිපතිවරයා කියා සිටියේය. එවිට අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමේ ගිවිසුමේ ප්‍රශ්න තිබුණා. නමුත් එම සමාගමේ කොටස් හිමියන් විසින් එවැනි කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ මේ වන විට ඉදිකරනවා යැයි පැවැසීය. එවිට ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. “මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ආර්ථික කළමනාකරණ කමිටුවට යොමු කිරීමෙන් ප්‍රමාදයක් ඇති වෙනවා. සියලු ව්‍යාපෘති කැබිනට් අමාත්‍යවරුන්ට බාරදෙන්න. ඔවුන් ගැන විශ්වාසයක් තබන්න. මමත් ජනාධිපතිවරු කිහිප දෙනෙක් යටතේ වැඩ කළ මෙවැනි කමිටුවක් පත්කළේ පළමු වරට” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. නැහැ ප්‍රේමදාස හා චන්ද්‍රිකා ජනාධිපතිවරු යටතේ ද මෙවැනි කමිටු පත්කර තිබු බව අග්‍රාමාත්‍යවරයා පැවැසිය. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය. මගේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා 80ක් පමණ ද ආර්ථික කළමනාකරණ කමිටුවේ හිරවෙලා තිබෙනවා. ඒවා 2015 වසරේ සිට ඉදිරිපත් කළ ඒවායි. මේ වන විට ඉන් ස්වල්පයක් පමණක් අනුමත වී තිබෙනවා. මෙම ප්‍රමාදය මඟහරවා ගත යුතු යැයි කියා සිටියේය. එහෙත් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ මෙවැනි කමිටුවක් පැවැතීම ඉතා හොඳ බවයි. 

පොහොට්ටුව දිනුවාට සාදයක්

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විශේෂ සාදයක් සඳුදා රාත්‍රියේ පැවැත් වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඒකාබද්ධයේ සියලු දෙනාම පාහේ එම සාදයට සහභාගී වී සිටියහ.

සවස 6.30ට පමණ සාදය ආරම්භ වූ අතර මන්ත්‍රීවරුන් සමඟ පැමිණ සිටි පවුල්වල උදවිය සියලු දෙනා වෙත ගිය මහින්ද ඔවුන් සමඟ කතාබහ කරමින් සුවදුක් විමසුවේය.

මහින්දගෙන් මන්ත්‍රි බිරින්දෑවරුන්ට ප්‍රසංසා

"අපේ ජයග්‍රහණයට සෘජුව දායකත්වය දක්වපු අපේ මන්ත්‍රීවරුන් වගේම ගෙදර අයටත් ස්තුති කරන්නම ‍ඕනේ. මොකද මන්ත්‍රීවරුන් මේ සටන අරගෙන යනකොට ඔයාලා තමයි ගෙදර ඉඳලා ඒකට ශක්තිය දුන්නේ. අපිට මේ මැතිවරණයේ දී වගේම ඉදිරියේ දී එන මැතිවරණ වලදිත් ඔයාලගේ සහයෝගය ඕනේ වෙනවා. එහෙම වුණොත් තමයි අපි ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ" මහින්ද පැවසීය.

සාදයට පැමිණි මන්ත්‍රීවරු තම තමන්ගේ හිතවතුන් සමඟ අසුන්ගෙන සිටින අතරතුර මහින්දගේ අවධානය යොමු වූයේ විශේෂ පිරිසක් අසුන්ගෙන සිටි මේසයක් වෙතය. එහි සිටියේ ලන්සා, අරුන්දික, පියංකර, ඩුලිප් යන අයය. එහි විශේෂත්වය වුයේ ඔවුන් සියලුදෙනාම යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරා පසුව ඒකාබද්ධ විපක්ෂයට එකතු වූවන් වීමය.

"මොකද මේ අය එකට වාඩිවෙලා. කොහොම වුණත් ඔයාලා හොඳ වෙලාවට ඡන්දෙට ඉස්සෙල්ලා ආවේ? මහින්ද ඔවුන් වෙත ගියේ විහිලුවක් ද කරමිනි.

"ඒක නම් ඇත්ත සර්. අපි ඒ තීන්දුව ගත්තේ නැත්නම් මිනිස්සු අපිටත් ගහයි. " ලන්සා පැවසීය.

විමල් නොනැවතී සිංදු කියයි

මැතිවරණ ජය වෙනුවෙන් පොහොට්ටුව පැවැත්වූ සාදය පහන්වන තුරු පැවැතිණි. ඉස්තරම් මධුවිතෙන් පිරී තිබිණි. එය ආරම්භ වී පැය තුනක පමණ කාලයක් මහින්ද මන්ත්‍රීවරුන් සමඟ ගත කළේය. සාදයේ මුලින්ම ගීත ගායනා කරන්නට එකතු වූයේ විමල්ය. ගුණදාස කපුගේ ශූරින්ගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ගායනය ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය.

විමල් ගීත ගැයුම අවසන් කළේ ඔහුගේ දියණිය සමඟ ගැයූ දම්පාටින් ලා සඳ බැස යනවා ගීතයත් සමඟිනි.

'අනේ මන්ත්‍රීතුමා අපිටත් මයික් එක දෙන්නකෝ' කියා පියල් නිශාන්ත විමල්ගෙන් මයික් එක ඉල්ලුවද ඔහු පැයකටවත් එය දුන්නේ නැත.

ගීය ගයන්නට ගිය පියල්ට අවසානයේ සිදු වූයේ බොංගෝව වයන්නටය.

පියල් ගයද්දී පවිත්‍රා නටයි

බොංගෝ වයමින් සිටි පියල් විමල්ගෙන් පසුව ගීත දෙකක් ගැයුවේය. ඒ නම් ආදරේ රන් විමන් සහ කුණ්ඩුමනී යන ගීතය. පියල් කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රා සහ කාංචන නැටුමකින් ගීතය වර්ණවත් කළහ. එහෙත් සැමගේ සිත් ගත්තේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සාදය ආරම්භයේ සිට අවසානය දක්වාම නැටූ නන්ස්ටොප් නැටුමය.

ප්‍රසන්නලා 'බෙල්ල කඩන්න'යයි

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ ජනරැළි මාලාවක් තියන්නට යයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බදාදා සවස නෙළුම් මාවතේ දී පැවැත්විණි. ජනවරම ප්‍රදර්ශනය වන අයුරින් නුගේගොඩ ජනරැළිය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. "පහුගිය ඡන්දෙන් මිනිස්සු මේ ආණ්ඩුවේ කකුල් සහ අත් කඩලා දැම්මා. දැන් තියෙන්නේ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවේ බෙල්ලම කඩලා දාන්නයි" ප්‍රසන්න පැවසුවේ කවුරුත් සිනහා ගන්වමිනි.

අගමැති හීනය 'හබක්'

අගමැතිකම මාරුවෙන බවට කතාවක් යද් දී එක්තරා ජේෂ්ඨයෙක් එහෙ මෙහෙ දුවමින් 'අගමැතිකම' තමන්ට ලබාගන්නට වෑයම්කොට තිබේ. ඔහු ආණ්ඩුවේ ලොකු අය හමු වී තමන්ගේ සුදුසුකම් කියා ඇති අතර ජෝතිෂ‍යවේදීන් හමුවී අනාගතය ගැන විමසා තිබේ.

'මට අගමැති වෙන්න පුලුවන්ද?'

ඔහු ප්‍රකට අංජනම් බලන්නියකගෙන් විමසා තිබේ.

'බෑ, කොහොමටවත් බෑ' ඇයගේ කතාවෙන් ඔහු කම්පා වී තිබේ.

'එහෙම වෙන්නේ කොහොමද?'

'එහෙම වෙන්නේ, ඉන්න කෙනා වෙනස් නොවෙන හින්දා'

අගමැති වෙන්න ගිය ඇමතිවරයා හිස බිමට නවාගෙන නැවත පැමිණ තිබේ.

අගමැතිගෙන් රාජිතට හදිසි ඇමතුමක්

පොහෝ දින පෙරවරුවේ සෞඛය අමාත්‍ය රාජිත ශාරීරික ව්‍යායාමවල නිරතවන විට අග්‍රාමාත්‍යවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

'මම අද සිංගප්පුරුවේ යනවා. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගිවීම සදහා. සිකුරාදා දිවයිනට පැමිණෙනවා. සෙනසුරාදා දින අපි හමුවෙලා දේශපාලන සාකච්ඡාවක් සිදුකළ යුතුයි. ඊට රාජිත අනිවාර්යයෙන්ම එන්න. යැයි පැවැසීය. එම ආරාධනාව 

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිගත් අතර, තවත් දේශපාලන කරුණු කිහිපයක් ඔවුන් දෙදෙනා සාකච්ඡා කරන ලදි.


 රංජිත් කුමාර සමරකෝන්

resa.lk

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ අගමැති හමුවෙලා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ නිළ සංචාරයක නිතරවෙමින් සිටින අතර එහිදී මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ සහ අගමැතිවරයා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ. 

ඇය අගමැතිවරයා හමු වී ඇත්තේ මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලේසියන් මහතාට ඇප ලබාගැනීමේ අරමුණෙනි.

වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව වෙත ලඟාවීමෙන් අනතුරුව මහේන්ද්‍රන් මහතාගේ බිරිඳ අවස්ථා කිහිපයකින් අගමැතිවරයා අමතා ඇති අතර ඇය ඉල්ලා ඇත්තේ කෙසේ හෝ හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. අගමැතිවරයා හමුවී ඇති ඇය ඉල්ලා ඇත්තේ සිය බෑණා කෙසේ හෝ ඇපමත නිදහස් කරන ලෙසයි.

නිමල් සිරිපාල අගමැති සිහිනය යලි දකී - ඊයේ රාත‍්‍රියේ කොළඹදී තීරණාත්මක සාකච්චාවක් - සිහිනය සැබෑවෙන ලකුණු?

ඇමති නිමල් සිරිපාලද සිල්වා, ඇමති දයාසිරි ජයසේකර හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඊයේ රාත‍්‍රියේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල රහස් සාකච්චාවක් පවත්වා තිබේ.

මලික් සමරවික්‍රම ආයෝජන මණ්ඩලය කෙලෙසයි - Malik Samarawickrama

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ පෙර දැරි කොටගෙන 1978 දී පිහිට වූ මහකොළඔ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission (GCEC) ) තම ගජමිතුරු සේවනයට බිලිදුන් මලික් සමරවික්‍රම ඇමතිවරයා පිළිබදව පාරිභෝගික අයිතීන් පිළිබද සංවිධානය හෙළිදරව්වක් කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප විශාල මුදලකින් වැඩි කරගෙන හිතුමතේ කටයුතු කිරීමට විශයය භාර ඇමැතිවරයා ඉඩදී ඇතැයි ඒ සංවිධානය චෝදනා කරයි.

Friday, March 02, 2018

පසුගියදා ගාලගෝට්ටියක් වූ රාජාංගන ජල ව්‍යපෘතියට අවසර දුන්නේ දිනේෂ් ගුණවර්ධන - මෙන්න සාක්ෂි

පෙරේදා අනුරාධපුර, තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණය අපේ රටම වඩාත් උණුසුම් කල මාතෘකාවක් බවට පත් වුනා. එයට හේතුව රාජාංගනය වැවේ ජලය යොදා සිදුකිරීමට යන පානීය ජල ව්‍යාපෘතියකට ප්‍රදේශවාසීන් විරෝධය පෑමයි.

රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000 ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බැවින් තමන්ට වගා කිරීමට ජලය නොමැති වේ යැයි බියෙන් විරෝධය පා ඒ සඳහා ප්‍රදේශයේ ගම්වාසීන් සියලුම දෙනා පැමිණ ඇති අතර උද්ඝෝෂණය හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවීම හේතුවෙන් උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ දූෂන පිළිබඳ සොයා බැලීමට ජනපති විමර්ශන කොමිසමක් ? Sri Lanka Youth

ජාතික තරුණ සේවා සභාවේ 2015 වසරෙන් පසුව සිදුවූවේ යැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති දූෂන විමර්ශන කොමිසමක් පත් කිරීමට අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඇමති පුංචි නිලමෙට යහපාලනයෙන් වැඩක් නෑලු - විපක්‍ෂයේ අසුන් ගනී - Punchi Nilame

තමන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

ගොවීන්ට ගහන්න තරම් ආණ්‌ඩුව කුරිරු වෙලා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

ගොවිතැනට අවශ්‍ය වතුර ඉල්ලන්න ගිය මිනිසුන්ට එළව එළවා ගහන්න තරම් මේ ආණ්‌ඩුව අද කුරිරු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (01 වැනිදා) ප්‍රකාශ කළේය.


වතුර ඉල්ලමින් එසේ උද්ඝෝෂණය කළ කාන්තාවන් ඇතුළු හැටකට ආසන්න පිරිසක්‌ බන්ධනාගාරගත කර ඇති බවත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පොහොට්‌ටුවට ඡන්දය දුන්නේ මේ හේතුන් නිසා බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

තඹුත්තේගම 50ක්‌ රිමාන්ඩ් 9 කට ඇප දෙයි

තඹුත්තේගම නගරයේ පෙරේදා (28 වැනිදා) පැවැති විරෝධතාවක්‌ අතරතුර, අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක නියෑළී කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට පහරදී අලාභ සිදු කිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 59 දෙනකු අතරින් 50 දෙනකු මේ මස 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසත් සෙසු සැකකරුවන් 09 දෙනා රුපියල් ලක්‌ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසත් තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් චමිලා නදීශානි මහත්මිය පෙරේදා (28දා) නියෝග කළාය.

ජරමර අස්සේ ගෝඨා, චීන තානාපති හමුවෙයි

චීන මහජන සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වන චෙංග් ෂෙයුආන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

එජාපය විනාශ කරන පිරිසක් ගැන රවිගෙන් හෙළිදරව්වක් - ඒ කිවුවේ මලික් සමරවික්‍රම ගැනද?


ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.

Thursday, March 01, 2018

අගමැති රනිල් එලිසබත් මහ රැජිනට සම කරයි - - බුකියේ හුයමාරුවන අමුතු ලියවිල්ල මෙන්න

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අති දීර්ඝ කාලයක් තිස්සේ දරමින් සිටින එක්සත් ජාතික නායකත්වය හා ලෝකයේ විවිධ සංසිද්ධින් සංස්නධනය කරමින් සමාජ ජාලාවන්හි හුවමාරු වන නිර්මාණාත්මක සටහනක් මෙහි දැක්වෙයි.

රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද ?
(මේ උදාහරණ වලින් තේරුම් ගන්න)

1. රනිල් නායකත්වයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
හශාන් තිලකරත්න
සනත් ජයසූරිය
මහේල ජයවර්දන
කුමර් සංගක්කාර
ඇංජලෝ මැතිවුස්
උපුල් තරංග
තිසර පෙරේරා
දිනේශ් චන්දිමාල්
වශයෙන් නායකයන් පත් විය. අසාර්තක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක උන නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් රනිල් මාරු උනේ නැත.

කැබිනට්‌ මණ්‌ඩලය විද්‍යානුකූල ක්‍රමයට සකස්‌ නොවීම ගැටලුවක්‌ - රාජිත

කැබිනට්‌ මණ්‌ඩලය සකස්‌ කිරීම විද්‍යානුකූලව සිදුවිය යුතු බවට කොපමණ කතා කළත් එසේ සිදුනොවීම ගැටලුවක්‌ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.


ආණ්‌ඩුව පත්වූ අවස්‌ථාවේදීද ඇමැති මණ්‌ඩලය විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස්‌ කිරීමට තීරණය කර තිබූ නමුත් නොගැලපෙන අමාත්‍යාංශ එක්‌වී තිබූ බවද මුදල් අමාත්‍යාංශය කෑලිවලට කැඩීගොස්‌ තිබූ බවද හෙතෙම කීය.

Wednesday, February 28, 2018

යහපාලන රජය ණය ගන්නේ වගකීම් විරහිතවයි - මහින්ද


යහපාලන ආණ්‌ඩුව ණය ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. සම්පූර්ණ කතාව 9 වැනි පිටුවේ

එම නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුවෙන් වසරක්‌ පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්‌මවා, විධායකයට වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක්‌ සම්පාදනය කිරීම සඳහා ආණ්‌ඩුව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම යන මැයෙන් පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. යහපාලන ආණ්‌ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාකලාපයකි. උදාහරණයක්‌ වශයෙන් මගේ ආණ්‌ඩුව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකි. ලංකාව නිදහස ලැබූදායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්, එමඟින් මගේ ආණ්‌ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 ඉක්‌මවූයේ නැත. නමුත් 2015 වසරේදී එවැනි කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ නොමැතිව, යහපාලන ආණ්‌ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලන ආණ්‌ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුළත මේ මූලාශ්‍රයෙන් පමණක්‌ ඇ.ඩො. බිලියන 7.7 ක්‌ ණයට ගෙන ඇත. 

පුලස්තිගේ දේපළ විනාශ කලාට පරීක්ෂණයක් ඉල්ලයි

සිරිකොත මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මැදිරියේ හිටපු නිලධාරි සහ ජාතික ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන් සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි ගේ දේපල අලාභ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

ඒ, එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක වෙත ලිපියක් යොමු කරමිනි,

එම ලිපිය පහතින්,

2018 පෙබරවාරි 26

කබීර් හෂීම් මහතා,
මහ ලේකම්,
එක්සත් ජාතික පක්ෂය.

“බලය ඉදිරියේ නැමෙන්න එපා” නැගල ගියපු මංගලගේ අවවාදය - වීඩියෝ

ආගමික ශාස්තෘන්ට, පුජ්‍ය පක්ෂයට, දෙමව්පියන්ට සහ ගුරුදෙගුරුන්ට පමණක් වන්දනාමාන කරන ලෙස ඉල්ලා සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බලය ඉදිරියේ කිසිවෙකු නැමෙන්න අවශ්‍ය නොමැති බව අවධාරණය කරයි.


"මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි මංගල සමරවීර ඇමැතිවරයා කියා සිටියේය.

නිළ ඇඳුම් කොමිස් මුදල රුපියල් කෝටි 20ක්

දේශපාලන වේදිකා තුළ ඇතැමුන් නිළ ඇඳුම් සඳහා වවුචර් නිකුත් කිරීම විවේචනය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

‘දිනුවට වැඩිය උඩ පනින්න එපා’… පොහොට්ටුව හා එහි නායකයින්ට ඥාණසාර හිමියෝ අනතුරු අගවති - Galagoda Aththe Gnanasara Thero

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය සියලු ශ්‍රිලාංකිකයන්ගේ ජයග්‍රහණයක් ලෙස එහි නායකත්වය පැහැදිලිව ප්‍රකාශ කොට ඇති අවස්ථාවක නැවත වරක් එය එක් ජාතියකට හෝ ආගමකට සීමා වී ලැබු ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට සමහර අන්තවාදීන් ගත් උත්සහයක් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ මාධ්‍ය නිවේදනයකින් නිවැරැදි කලේ ය.

මට අගමැතිකම බාරගන්න බෑ - මංගල ? කරූ අන්දොස් වෙයි ? - අගමැති පත් කීරිමේ පසුපස කතාව

පසුගිය පලාත් පාලන මැතිවරණය පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමගම ආණ්ඩු වෙනසක් වගේම අගමැති වෙනසක් ගැනත් ජනතාව අතර කතා බහට ලක් විය
මේ සිදුවීම රටපුරා විවිධ පුවත් මවන කතාන්දරයක් බවට පත්වු අතර මාධ්‍ය මගින් විටින් විට පරස්පරයන් සහිත ප්‍රවෘත්ති පලවිය
මෙහිදී රනිල් වික්‍රමසිංහත් නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාලගේත් නම් කියවෙන්නට විය. විශේෂයෙන් මධ්‍ය තුලින් නව අගමැති ළෙස නිමල් සිරිපාල පත් කරන නිරන්තරයෙන් කියැවිණි.
නමුත් අභ්‍යන්තරයේ සිදු වූයේ මීට හාත්පසින්ම වෙනස් වෙනස් සිදුවීමකී. මෙකී රහසිගත සිදුවීමේ පිටපත ප්‍රබල දේශපාලන චරිතයක් සතුය.

Tuesday, February 27, 2018

රනිල් පන්නන්න එජාපයෙන් ගෙනෙන විශ්වාස භංගයට සහාය දෙනවා..- මහින්ද ඇතුළු ඒකාබද්දය නිල වශයෙන් කියයි - Joint Opposition

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එ‍රෙහිව ඕනම අයකු ගෙන එන විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පඹණක් නොව වර්තමාන ආණ්ඩුව ද අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ඕනෑම අවස්ථාවක ‍අත් දෙකම ඔසවා සහයෝගය පළ කරන බවත් අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මිනුවන්ගොඩ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන - සියල්ල නැතිවුනත් සටන් වදිනවා - මටත් ඇමතිකමක් ඔන යැයි නොකියා වසන්ත සේනානායක කට අරී - wasantha senanayake

වත්මන් අණ්ඩුවේ හොද අමාත්‍යංශ කේවට්ටයන් පිරිසක් විසින් බෙදාගෙන තරුණයන්ට පක්ෂයේ සියලු අවස්ථා අහිමි කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට - අයියා මලෝ කොන්තරයක් නිසාදෝ සැකයක්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාවන් එල්ල කරමින් හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.

"මම නිහඬව හිටියේ නෑ" - සැළසුම ජනගත කරන්න රතන හිමි සූදානම්

නව දේශපාලන පණිවුඩයක් සමාජගත කිරිමට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව ජූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි උන්වහන්සේ ඒ බව පැවසුවේ.

නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙනවලු

ඒකාබද්ද විපක්‍ෂය විසින් මාර්තු මස 07 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනරැළිය සදහා ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් හය දෙනෙකු එක්වනු ඇති බවට වාර්තාවන් පලවෙයි.

සමූපකාරයේ ගැටලු ඉදිරි මාස 3කින් අවසන්

අපගේ සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සිටින ඔබගේ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඔබ ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්, මම අවධානය යොමු කර, ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම රජය යටතේ අමාත්‍යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්‍රථමවතාවටය. මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනය පරිදි සමූපකාර සංවිධානයන්හි නියෝජිතයින් තමන් මුහුණ පා සිටින ගැටලු එකිනෙක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

අගමැතිට සති දෙකයි - නීතිය හා සාමයට ෆොන්සේකා පත් කරනවා - ඒකට පොලිස් ලොක්කන් කැමති නෑ. - රාජිතත් කැබිනට් සංශෝධනය එළියට දායි - Rajitha Senaratne

මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේය.

එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

අගමැතිට රනිල්ට විශ්වාසභංගයක්‌ රාජ්‍ය ඇමැති රංගේ බණ්‌ඩාර පෙරමුණගනී - වීඩියෝ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් ඇතුළු එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් ඇතුළු එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.

Monday, February 26, 2018

දණගැස්වූ ගුරුවරියගෙන් චාමර මිලියන 500ක් ඉල්ලයි chamara sampath

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් දණගැස්වීමේ සිදුවීමෙන් පීඩාවට පත්වූ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්නැයි එජාපයෙන් ඉල්ලලා නැහැ? නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කටලු ?

නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් වී නැතැයි 

ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල ඔහු අගමැතිවරයාට එය ලබා දීම අමතර බරක් යයි එල්ල වන චෝදනාද බැහැර කරයි.

එවන් ප‍්‍රකාශ මගින් කියන්නේ අගමැතිවරයාට අමාත්‍යංශ කිහිපයක් එක්ව මෙහෙයවීමට නොහැකි බවදැයි ප‍්‍රශ්න කල ඔහු රටේ නායකත්වයට පත් කිරීමට සූදානම් වන්නේ එවන් පුද්ගලයෙක්දැයි ඇසීය.

සංශෝධනයෙන් එජාපය ඇවිලේ - මම ඉල්ලා අස්වෙනවා කියමින් අජිත් පී. පෙරේරා ගේම ඉල්ලයි - නැවතත් විදුලි බලයම ඉල්ලා ගනී

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස ඊයේ (25) දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඊට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්‍ෂය නාවකත්වයට දැඩි බලපෑම් කර ඇති බව වාර්තා වෙයි.

ඔහු කොතරම් තදින් බලපෑම් කර ඇත්ද යත් අද (26) දිනයේදී ඔහු නැවතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස යලි දිවුරුම් දීමට සූදානමින් සිටී.

එ.ජ.නි.සයේ කැබිනට් වෙනස සති දෙකකින් - කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් සුභ පැතුම්

අලුතින් පත්වූ නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා සුභ පැතුම් එක් කර තිබේ.

කෙසේ වෙතත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේද අමාත්‍යංශ වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇති බවයි.

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

ඊයේ (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හොඳින් හෝ නරකින් වෙනසක් වේවි - ඇමති සංශෝධනය කොමඩියක් - - රාජ්‍ය ඇමති වසන්ත සේනානායක කෙලින් කියයි

ඊයේ (25) දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා මාධ්‍ය ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

ඔහු මෙසේ කිව්වේය.

‘මේ කොමඩි නාට්‍යයක් තමයි ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අද ප්ලේ කළේ. දෙවෙනි කොටස ඊළඟ දවසේ  ප්ලේ කරාවි. මේකට  හැබයි ජනතාව හිනාවෙයිද අඬයිද ගල්ගහයිද මම දන්නෙ නෑ.‘

Sunday, February 25, 2018

සරත් ෆොන්සේකාට ලබා දෙන බවට පළ වු පොලිස් ඇමතිකම ගැන මහින්ද කියපු කතාව - Mahinda Rajapaksa

කැබ්නට් මණ්ඩලය සංශෝ්ධනය කිරිමෙන් රට තුළ කිසිඳු වෙනසක් සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (25) සිදුවන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්  ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඇමති අර්ජුන පාන්දරම රට යයි - ඇමති සංශෝධනයට විරෝධය? තවත් පිරිසක් රට යන්න සූදානම්

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුණ රණතුංග මහතා අද අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇත.
ගුවන් තොටුපල වාර්තාකරුවන් සදහන් කරන්නේ අලුයම 3.00ට කටාර් ගුවන් යානයකින් ඇමතිවරයා දෝහා කටාර් බලා පිටත්ව ගිය බවයි.

දෝෂය පහව යයි - කැබිනට් සංශෝධනය අද 11ට - අර්ජුන-දුමින්දට දඬුවම් මාරු.. අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට - cabinet reshuffle

අද පෙරවරුවේ කැබිනට් සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

අද පැවැත්වෙන කැබිනට් සංශෝධනය සදහා පෙරවරු 11.00 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුනට දන්වා ඇත.

මෙහිදී ඇමති ධුරය 08 ක් පමණ සංශෝධනය වනු ඇතැයි වාර්තා වෙයි. ප්‍රබල ඇමති ධුර ධූර කිහිපයක්ම මෙහිදී වෙනස් වීමට නියමිතය. තරුණ මන්ත්‍රීවරුන්ට මෙහිදී වැඩි වගකීම් ලැබෙනු ඇති බවද සදහන්ය.

තිලංග සුමතිපාල ඇමතිකම එපා කියයි

ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.