BREAKING NEWS
latest

728x90

468x60

Saturday, March 31, 2018

විශ්වාසභංගය මට ආශිර්වාදයක් බය නැති අගමැති කියූ කථාව

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පලාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පලමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙනි.රංග බණ්ඩාර වසන්ත සේනානායක ඇතුලු පිරිසක් එලිපිට ඒ බව ප්‍රකාශ කලා පමණක් නොව රංග බණ්ඩාර වරෙක කීවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් පවා ගෙන ඒමට තමන් පසුබට නොවන බවය.

එජාප ප්‍රතිසංස්කරණ වහාම සිදුකල යුතු බවත් නායකත්වයේ මිතුරන් හා වයෝවෘද අය සතු එජාපය පක්ෂයේ තරුණ පරපුරට ලබා දිය යුතු බවට එජාපය මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ප්‍රබලයන් රැසක් රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡාවක් ද කලහ.

එහෙත් එජාපය පැත්තෙන් ආවේ රනිල් අගමැති ධූරයේ දිගටම රැදෙමින් එජාප ප්‍රතිසංස්කරණපමණක් සිදු කල යුතු වුවත් ඒකාබද්ධ විපක්ෂය එජාප අභ්‍යන්තර ආරවුල කියවා තේරුම් ගෙන තිබුණේ වැරදි ආකාරයටය.ඒ තුල ඔවුන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කලේ එජාපයේ බහුතරයක සහාය ඊට ලැබෙනු ඇතැයි යන විශ්වාසය තුලය. සියල්ල කණපිට හැරවූණේ එතනදීය.

ආණ්ඩුවේ රතු එලියක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

රජයේ අඩුපාඩු නිසා පසුගිය මැතිවරනයේදී ආණ්ඩුවට රතු එලියක් ජනතාව පෙන්වු බව අමාත්‍ය සජිත් පේමදාස මහතා පැවසීය.


මාතර වැලිගම,මිදිගම යස ඉසුරුගම ජනතා අයිතියට පතකරමින් ඇමතිවරයා මේ බව කීවේය.

අද දින මෙම සහන ලබා දෙන විට දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඔබගේ මතකයට නැ‍‍ගෙනවා ඇති. රණසිංහ ප්‍රේමදාස යුගය තුළ මෙරට නිවාස විප්ලවයක් ඇති කළා. නමුත් සමහරුන්ට දැන් මේවා අමතකයි. එදා සිරිමාවෝ බණ්ඩාරානයක මැතිණියගේ ’70 – ’77 කාලය තුළ වසර 7 ටම ඉදි වුණේ නිවාස 700 ක් පමණයි. ඉන් පසුව ඇති වූ දේශපාලන විප්ලවය සමඟ නිවාස ලක්ෂය, දස ලක්ෂය සහ පහළොස් ලක්ෂය යනාදී වැඩසටහන් හරහා රටේ පවුල් විසිහය ලක්ෂයකට පමණ ප්‍රතිලාභ හිමි වුණා. නමුත් ’94 දී ‍ඇති වූ දේශපාලන වෙනස සමඟ නිවාස සංවර්ධන වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සාමය සහ සමෘද්ධිය ඇති කිරීම සඳහා එදා නිවාස අමාත්‍යංශය විෂයන් 6 කට බෙදා වෙන් කළා. එනම් උතුරු නැගෙනහිර නිවාස, ආපදා නිවාස, වතු නිවාස, ධීවර නිවාස, නාගරික නිවාස සහ ග්‍රාමීය නිවාස ලෙසයි. මින් මා වෙත ඇත්තේ ග්‍රාමීය සහ මධ්‍යම පාන්තික නිවාස විෂයයි. අදටත් රටේ නිවාස ඉදිකිරීමේ වගකීම අමාත්‍යංශ 6 ක් යටතේ පවතිනවා. මේ නිසා රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස ප්‍රතිපත්තිය ’94 න් පසුව සහමුලින්ම යටපත් වුණා.

අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පා ගමන නුවරින් අරඹයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව අද මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කලේය.

විශ්වාසභංගයට සහාය දෙන එජාප මන්ත්‍රීවරුන්ට මලික් තෑගි බෙදනවලු | Malik Samarawickrama

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත විශ්වාසභංයට පක්ෂ වීමට නියමිත එජාප මන්ත්‍රීවරුන්ට ඇති ගැටළු පුද්ගලිකව සාකච්ඡා කර විසදුම් ලබාදීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මැදිහත් වී තිබේ.

මේ දිනවල අමාත්‍යවරයා එම කටයුතු සිදුකරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු හෙලි කලේය.

එහිදී ඔවුන්ට ඇති ගැටලු සදහා අමාත්‍යවරයා ඒ මොහොතේම විසදුම් ලබාදී කෙසේ හෝ විශ්වාසභංගය පරාජය කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවේ.

Friday, March 30, 2018

විශ්වාසභංගය ගැන කතාකරන්න විජේරාම නිවසේ පැවති රහසිගත හමුව ගැන මෙන්න

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී මුණගැසුණාහ. ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත ඇතුළු පිරිසක් එහි වූහ. ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කෙරුණේ අප්‍රේල් මස 04 වැනි දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙනි.


“විශ්වාසභංගය තුළින් අගමැතිට එල්ල කරපු අභියෝගය සුළුපටු එකක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුවට සහයෝගය දෙන අනෙක් සියලුදෙනාත් මේකෙන් හෙල්ලිලා ගියා” ඩලස් පැවසීය.

“ඒ කතාව ඇත්ත. ආණ්ඩුවෙම ඉන්න ගොඩක් අයට රනිල්ව අයින් කරන්න ඕනේකම තියෙනවා කියලා දැන් පැහැදිලි වෙලා ඉවරයි. ඒ අය බලන් ඉඳලා තියෙන්නේ කවුරු හරි අගමැතිව එලවලා දාන්න මූලිකත්වය ගන්නකම්. හැබැයි රනිල්වත් හිතන්න නැතිව ඇති මෙච්චර විරෝධයක් ආණ්ඩුව ඇතුළෙන්ම තියෙනවා කියලා” මහින්දානන්ද පෙන්වා දුන්නේය.

ආප්පයෙන් - කළු කෝපිවලට - මෛත්‍රි රනිල් ඊයේ රෑ රාජිතගේ ගෙදරදි කළු කෝපි බීලා - වැඩේ ගල්වන ලකුණු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, මුහුණට මුහුණ සාකච්ඡාවක් ඊයේ (29) රාත්‍රීයේ දී පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ නිළ නිවසේදීය. එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට  රජයක් ලෙස ඒකාබද්ධව  මුහුණ දීමට සාකච්ඡා කර තිබේ.

තොරණ තහනම වෙසක් පොසොන් පෝය දිනට පමණයි

වෙසක් සහ පොසොන් පොහෝ දිනවල පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඉතා වැදගත් වෙසක් පොසොන් පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගත් බව අමාත්‍යවරයා කීය.

සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිවීම හේතුවෙන් සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.

විමල්ගේ දියණිය විමාශාට A-9 යි

ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.විමල් වීරවංශ ඇමති ධුරයක් දැරූ සමයේ 

මොන ප්‍රශ්නෙ තිබ්බත් - කවුරු මොනව කිවුවත් - අපි රනිල් සමගයි : මනෝ ගනේෂන් කියයි - Mano Ganesan

කුමන ප්‍රශ්න තිබුණද විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින බවත්, කිසිම අවස්ථාවක නායකයා පවානොදෙන බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

Thursday, March 29, 2018

තරුණයෝ අපිට අනතුරු ඇඟවීමක් කළා - ඇමති සාගල කුරුණෑගලදී ඉලක්කය ගනී

පසුගිය පලාත්පාලන මැතිවරණයේ දී තරුණයින් රජයට අනතුරු අඟවීමක් කළ බවත් රජ පවුලෙ කුමාරවරුන්ට පමණක් හෙටක් හදන්නවා වෙනුවට සමස්ත තාරුණ්‍යටම හෙටක් සකස් කිරීමත් රැඩිකල් තාරුණ්‍යය නිවැරදි මඟක ගෙනයාම වත්මන් රජයේ අරමුණ බවත් ව්‍යාපෘති කලමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිකවරුටියේ දී පැවැත්වෙන තරුණ තරුණියන්ගේ උළෙලක සමාරම්භක අවස්ථාවට ඊයේ (28) එක්වෙමිනි. 
එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මගේ නායකයො මට මොනව කිවුවත් - අදින් පස්සෙ මගේ යහපාලනේ නෑ - දෙපත් නයි එකෙක්ටවත් ඇමතිකම් දරන්න දෙන්නෙ නෑ - ඇමති හරින් ගේමට බහී

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.



බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.



අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි කියා යන්න ගිය ඇමති සෙට් එක කවුද?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැන්වීමට තීරණය කල බව එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරයෙකු හිරු නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.

Wednesday, March 28, 2018

ලොක්කන් පිළිගැනීමට යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් බිමටම හේත්තුවේ

නිකවැරටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ‘ජාතික යොවුන් පුරය’ වැඩසටහනේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටී ඇති බවට සමා ජාලාවන්හි පින්තූර වාර්තා පල වෙයි.

මට මෙහෙම වැඩ කරන්න බෑ.. ජනාධිපති කැබිනෙට්ටුවේදී දිගට හරහට දෙසයි..

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.


ජනාධිපතිවරයා මෙසේ දෝෂ දර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකකට කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම සිදුකළ ඉල්ලීමෙන් පසුවය.

හිටපු කොටියා ඇතුළු 5 දෙනෙක්‌ මත්කුඩු ජාවාරමක - STF කොටුකර ගනී

රුපියල් ලක්‌ෂ 50 කට අධික වටිනාකමින් යුත් මත්කුඩු සමග හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් පස්‌දෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් පසුගිය 24දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් කුරුණෑගල, පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක්‌ ඉදිරිපිට දී කොටුකර ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි ඩොල්පින් වෑන් රථය පරීක්‌ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 510 ක්‌ සූක්‍ෂම අයුරින් බෑගයක දමා ඒ තුළ සඟවා තිබියදී සොයාගත් බව එම ඒකකය කියයි.

විශ්වාසභංගයට සහය දෙන්න සදාචාර අයිතියක් නෑ - Ashu Marasinghe

ආණ්ඩුව ඇතුලේ සිටිමින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරුන් හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් කිසිවකුට සදාචාරාත්මක අයිතියක් ‍නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

එසේ සහාය දක්වන්නේ නම් ඔවුන් අප්‍රේල් 04 වැනිදාට පෙර වහාම ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිවරයාට එරෙහිව පමණක් නොව ජනාධිපතිවරයා ද ඇතුළුව මුළු ආණ්ඩුවට එරෙහිව බවද පවසන ඒ මහතා, එම යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවත් පෙන්වා දෙයි.

Tuesday, March 27, 2018

උදයංග වීරතුංගව අත්අඩංගුවට ගැනීම යලිත් කෙප්පයක් වෙයි. අත්තඩංගුවට ගත්තෙ නැතිලු FCIDය කියයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් මෙතෙක් නිල වශයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වි නොමැති බවත් පොලිස් මුල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය මාධ්‍ය වෙත සඳහන් කළේය.

විශ්වාස භංගයට පක්‍ෂව පිරිසක් ඡන්දය දීම ස්ථිරයි - Wijeyadasa Rajapakshe


අගමැතිවරයට එරෙහිව ඉදිරිප්ත කර ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුල පැහැදිලිවම බෙදීමක් ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

TNA සහය අගමැතිට - විශ්වසභංගය භංගයි - ආපු වැඩේ නොකිරීම ගැන ජනපතිට චෝදනා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්‌වීමට තමන් තීරණය කළ බව දෙමළ සන්ධානය විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ ජනවාරි අට බල පෙරලියෙන් ජනතාවට පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තම පක්ෂය පෙණි සිටින බවත් ඒ වෙනුවෙන් ජාතික ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන බවත්ය.

උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මෙහෙයුමෙන් ලක්ෂ 50 ක හෙරොයින් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට : STF

ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 510ක් සමඟ කුරුණෑගල, පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනකු සහ ඔවුන් පැමිණි වෑන් රියක් හා යතුරු පැදියක් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවට - ඇත්තම ඉලක්කය ජනපති - ඇමති මංගල : Mangala Samaraweera


අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද (27) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබෙන්නේ ජාතික වශයෙන් පැවැති මැතිවරණ දෙකකින්ම පැරදිච්ච බංකොලොත් දේශපාලන පක්ෂ යළි පස්ස දොරෙන් බලයට එමේ කුමන්ත්‍රණයක් ලෙස බව එහි දී ඇමැතිවරයා පැවැසීය.

ගෝටා එක්ක මහින්ද යලි රජකරවන හැටි ගෝටාගේම කටින් පනී

ශ‍්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
රනිල් වික‍්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය.

රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා - රංගෙ බණ්ඩාර කියයි Video

අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දීමට හෝ ඡුන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

රතු තොල් කොල්ලාගේ සිරිකොත කාර්යාලයට සීල් තියයි


එජාප සන්නිවේදන බළකා ප‍්‍රධානී ධුරයෙන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පුද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස් වූ සුදත් චන්ද්‍රසේකර මහතා රාජකාරී කටයුතු කල සිරිකොත එජාප මූලස්ථානයේ කාර්යාලය සීල් තබා ඇත.

අගමැති කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ලද උපදෙස් මත මෙසේ සීල් තබා ඇති බව වාර්තා වෙයි.

Monday, March 26, 2018

අාණ්ඩුවට නුවන පෑදේ - රජයේ සංවර්ධන වැඩ ගැන පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක් ඕනෑ - ඇමති සාගල කියයි

එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබුණ ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නොසිටීම දැවැන්ත ඛේදවාචකයක් බව ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.


අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේ විමධ්‍යගත කරන ලද අයවැය වැඩසටහන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිලීබඳ අද (26) පැවැත්වූ සාකච්ඡාවක දීය. එම සාකච්ඡාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලංකාවේ ජනාධිපතිවරු ආරක්ෂා කල රථ අද මහුදට බිළි

මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.

මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ .

ඉස්‌ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ

පාකිස්‌තානයේ, ඉස්‌ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 දා පස්‌වරුවේ සිදුවිය. පාකිස්‌තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි පාකිස්‌තානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්‌ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය වෙත පැමිණියේය. පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා විහාර පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨා - ඉන්දීය මාධ්‍ය කියයි

මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්‍ෂ හරකෙක් වගේ ඇදගෙන යන බව ජවිපෙ කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංගයට එකගව ඡන්දය දීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තම පක්‍ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

අගමැතිට සුදත් අහිමි වුණේ “කබීර්-මලික්” නිසාලු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ සභාපති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ අත්තනෝමතික සහ පක්ෂයට ද්‍රෝහී ක්‍රියා පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ සන්නිවේදන බළකාය වඩාත් ශක්තිමත් කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත්,යහ පාලන රජයේත්,පක්ෂයේත් දේශපාලන පණිවුඩය රට ජනතාවට ගෙන යාම සඳහා සුදත් චන්ද්‍රසේකර මහතා ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම සහ මහා ලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් කඩාකප්පල් කළ බව සිරිකොත මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

Sunday, March 25, 2018

විශ්වාසභංගය ගැන හෘද සාක්කියට එකඟව තීරණයක් ගන්නවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් හෘද සාක්කියට එකඟව පැහැදිලි තීරණයක් තමා ලංකාවට ගිය පසුව ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

ආයුර්වේදයට අවශ්‍ය කංසා වගා කිරිම පිළිබද සුව ඇමැතිට තවත් යෝජනාවක්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම උචිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.

සංස්ථා ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

කිසි ලෙසකින් ලංකා ඛනිජ තෙල් සංස්ථවේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.

29දා නායක වෙනසක් නොවුනොත් විශ්වාස භංගයට එජාප 26ක් ඡන්ද දීමෙන් වලකී - ශ‍්‍රීලනිප 03ක් විපක්‍ෂයට

තමන් බලාපොරොත්තු වන ආකාරයේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවුනහොත් අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ ඡන්ද විමසිමේදී ඡුන්දය දීමෙන් වැලකී සිටීමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් තීරණය කර ඇත.

අගමැති වෙන්න මං එනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ- විශ්වාස භංගෙ ගැන කියන්න මම පාර්ලිමේන්තුවේ නෑ - චන්ද්‍රිකා

අගමැති තනතුර සදහා කමන් සූට් මහගෙන සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඇය කියා සිටියේ ස්ථරවම තමන් අගමැති තනතුරට ඉල්ලන බවයි.